Print this Article


මාදෝවිට වජිරබුද්ධි නා හිමි

මාදෝවිට වජිරබුද්ධි නා හිමි

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යාපන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කරන හෝමාගම පුරාණ විහාරාධිපති, ශාස්ත්‍රපති මාදෝවිට වජිරබුද්ධි හිමිපාණන් වහන්සේ ජාතික, ආගමික, අධ්‍යාපනික වශයෙන් සිදු කරන සේවාවන් අගය කරමින් සංඝනායක පදවියක් පිරිනමා ඇත. එම හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක පදවිය උන්වහන්සේට පිරිනමා ඇත්තේ මහා විහාරවංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක, ආචාර්ය, ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හිමිපාණන් වහන්සේ ඇතුළු සංඝ සභාව විසිනි. අභිනව හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක මාදෝවිට වජිරබුද්ධි නායක හිමිපාණෝ හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන සභාපති ධුරය මෙන් ම බොහෝ තනතුරු දරමින් ජාතික හා ශාසනික වශයෙන් සමාජයට විශාල මෙහෙවරක් ඉටු කරති.

උන්වහන්සේට තව තවත් ලෝක සත්වයාට වැඩ කිරීමට ශක්තිය, ධෛර්ය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.