Print this Article


ශිෂ්‍යත්වය අසමත් බොදු දරුවන් සමත් කරවන අගය කළ යුතු වෑයමක්

ශිෂ්‍යත්වය අසමත් බොදු දරුවන් සමත් කරවන අගය කළ යුතු වෑයමක්

අපේ රටේ අනාදිමත් කාලයක සිට පැවතෙන්නේ විභාග සමත් දූ දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දෙන ක්‍රමවේදයකි. එහෙත් ඒ ක්‍රමවේදය උඩු යටිකුරු කරන්නට ජපානයේ අගොන්ෂු විහාරයේ මහානායක සෙයියු කිරියමා මහ නාහිමියන්ගේ මූලිකත්වයෙන් මෙරට ආරම්භ කළ අගොන්ෂු මිත්‍රත්ව පදනම විසින් කටයුතු කරන ලදී. ඒ එම මිත්‍රත්ව පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය දරන සෝමසිරි අද්දර පතිරණගේ මහතාගේ මූලිකත්වයෙනි.

ඒ අනුව 1994 වසරේ සිට පදනමෙන් මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව 30,000කට අධික සංඛ්‍යාවක් පිරිනමා ඇත. එක් ශිෂ්‍යත්වයක් සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් 25,000කට අධිකය.

මේ ශිෂ්‍යත්ව පිරි නැමෙන්නේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණු ආසන්නයට පැමිණ අසමත් වන දූ දරුවන් වෙනුවෙනි. දැඩි සේ වෙහෙස මහන්සි වී අධ්‍යාපනය හදාරා ලකුණකින් දෙකකින් ශිෂ්‍යත්ව විභාගය අසමත් වන ඔවුන් දැඩි සේ දුක්වන බව සෝමසිරි මහතාට පෙනී ගොස් ඇත. ඒ නිසාම දිවයින පුරා සිටින ඒ දූ දරුවන් සොයා බලා ඔවුන්ට ශිෂ්‍යත්ව ලබා දෙන්නට මෙලෙසින් කටයුතු කර තිබේ.

කොවිඩ් වසංගත සමයේ එම දූ දරුවන් සොයා ගොස් ශිෂ්‍යත්ව පිරි නැමූව ද මේ වසරේ එම දූ දරුවන්ට උත්සවාකාරයෙන් එම ශිෂ්‍යත්ව ලබා දීමට කටයුතු කරන ලදී. ඒ අනුව පසුගිය දා එම ශිෂ්‍යත්ව උදානය මහත් ඉහළින් පැවැත්වුණි. ඒ අනුව ගාල්ලේදී එහි පළමු අදියරත් දෙවෙනි අදියර පොළොන්නරුව ගිරිතලේගම මහා විද්‍යාලයේදීත් පැවැත්වුණි.