Print this Article


කතරගම කිරිවෙහෙර පුදබිමේ පිරිත් පින්කමක්

කතරගම කිරිවෙහෙර පුදබිමේ පිරිත් පින්කමක්

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ එම ධූරයට පත්වී වසර දහයක් පිරීම නිමිත්තෙන් සහ 2024 වර්ෂය සෑම දෙනාටම සාමයෙන් සතුටින් සහයෝගයෙන් යුතුව කල්ගතකිරීමට හැකියාව ලැබේවායි ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සංවිධානය කළ පිරිත් සජ්ඣායනාවක් සහ සපිරිකර ගිලන්පස පූජාවක් ඉකුත් (30) වෙනිදා විහාරස්ථාන පරිශ්‍රයේ දී පැවැත්විණි.

මෙම පින්කමට කතරගම ප්‍රදේශයේ සියලුම විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේ වැඩමකර සිටි අතර කතරගම විහාරාධිපති සංගමය නමින් නව සංගමයක් ද පිහිටුවා ගන්නා ලදි.

ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ