[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අසමසම වූ ලෝකනාථයන් වහන්සේ

අසමසම වූ ලෝකනාථයන් වහන්සේ

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ යනු මේ තුන් ලෝකය තුළ පහළ වූ අසමසම මහා ශාස්තෘවරයාණෝ ම වන්නාහ. උන්වහන්සේ සතු වූ මහා ගුණ සමුදාය මෙතැකැයි කියා ලියා සිතා නිම කළ නොහැක.

බුදුරදුන් දෙවියෙක් ද නොවන්නාහ. උන්වහන්සේ බ්‍රහ්මයෙක් ද නොවන්නාහ. ගාන්ධර්වයෙක් ද නොවන්නාහ. මේ උතුම් වූ ශාස්තෘවරයාණෝ ශ්‍රේෂ්ඨ මිනිසෙක්ම වන්නාහ. බුද්ධ විෂය අචින්තය බව වරෙක බුදුරදුන්ම දේශනා කොට වදාළහ. මේ මහා පුරුෂයාණන් වහන්සේ සතුවූ ලෝකවිදූ ගුණයෙන් පෙන්නුම් වන්නේ ද උන්වහන්සේ සතු වූ ලෝකය පිළිබඳ මහා දැනුම් සම්භාරයයි. බුදු හිමියන් අවබෝධ කර ගත්තා වූ මහා සත්‍ය අති ගැඹුරු ය. උන්වහන්සේ ඒ පිළිබඳ වරෙක දේශනා කරන්නේ මෙසේ ය.

“ආනන්ද මා අවබෝධ කරගත් ධර්මය මේ මාර්ගයේ ඇති මේ ඉමක් කොනක් නොපෙනෙන මේ විශාල වූ ඇට්ටේරියා වනාන්තරය හා සමාන ය. මා මේ දුකින් පෙළෙන ලෝසතුන් වෙනුවෙන් දේශනා කළ ධර්මය මාගේ හස්තයේ ඇති ඇට්ටේරියා කොළ ගණන හා සමාන ය.

මේ තුළින්ම අපට උන්වහන්සේ සතුවූ ඒ මහා බුද්ධ ඥානය පිළිබිඹු වනු ඇත. බුදුපියාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ද අපරිමිත ය. උන්වහන්සේ සතු වූ කරුණා ගුණ මහිමය ද ප්‍රබල ය. බුදුපියාණන්ගේ නෙතින් ගලා ආ ඒ මහා කරුණා ධාරාව සමාජයේ අසරණ වූ සියලු දෙනාට පිහිට විය. වරෙක රජවරුන්ට ද, තවත් වරෙක සිටුවරුන්ට ද, මාහා අමාත්‍යාදීන්ට පමණක් නොව බමුණන්ට, ගෘහපතීන්ට, ගොවියන්ට, කම්කරුවන්ට, කසළ ශෝධකයන්ට, සැඬොල් කුලවල උදවියට පමණක් නොව නොයෙක් විවිධ ආගමික දෘෂ්ටි ගත්තෝ ද ඒ අතර වූහ.

එපමණක් නොව මිනීමරුවන්, හොරුන්, ගණිකාවන්, සල්ලාලයන් හා සමාජයේ නොයෙක් ස්ථරවල සියලු දෙනාට බුදු හිමියන්ගේ මහා කරුණාව පිහිට වූහ. බුදුපියාණන්ට ඔවුන්ගේ උසස්කම්, පහත්කම්, උගත් නූගත්කම්, කුලහීනකම්, දරුණුකම් හා විෂමචාරීකම් කිසිවක් අදාළ නොවූහ.

මේ අසම සම මහාකාරුණිකයාණෝ මිනීමරුවන් මහරහතුන් කළහ. සමාජ දූෂිතයන් උපාසකයින් කළහ. නගර ශෝභිනියන් උපාසිකාවන් කළහ. රෝගීන් නිරෝගීන් කළහ. බුදුපියාණන්ගේ ඒ මහා අසමසම මහා කරුණා මහිමය එසේ ය.

සම්මා සම්බුදුරදුන්ගේ දින චරියාවේ පළමු කාර්යය වූයේ ද මහා කරුණා සමාපත්තියෙන් ලෝකය දෙස බැලීමයි. මෙලෙස ලොව බැලූ බුදුරදුන් කාට හෝ අනූපමේය සේවයක්, ලෝකෝත්තර සේවයක්. අමරණීය සේවයක් නොකළ දිනයක් නොවූහ.

උන්වහන්සේ ජීවිතය ගත කළ අවුරුදු 45 මුළුල්ලෙහි ලෝකයා වෙත මහා කරුණාව යොදවා කළ ඒ සේවය අකලංකය. එනිසා අප තිලෝගුරු බුදු හිමියන්ගේ බුදුගුණ පරමාර්ථය තුළින් අපගේ දිවිය ආලෝකවත් කර ගනිමු. ඔබ සැමගේ ශ්‍රද්ධා බුද්ධිය වර්ධනය වේවා.

වෙසක් පුර පසළොස්වක

මැයි 04 බ්‍රහස්පතින්දා අ.භා. 11.42 න් පුර පසළොස්වක ලබා 05 සිකුරාදා අ.භා. 11.02 න් ගෙවේ.
05 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

Full Moonඅමාවක

මැයි 19

First Quarterපුර අටවක

මැයි 27

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]