[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

කල්පනාකාරී නොවු‍ණොත් ඍද්ධි බලයත් පිරිහෙනවා

අනුරාධපුරයෙන් බොහෝ ඈත පෙදෙසක වැඩ සිටි මහරහතන් වහන්සේ නමකට ඕන වුණා මහාසෑය වන්දනා කරගන්න. තමන් වහන්සේගේ එකම සාමණේර ශිෂ්‍ය හිමි නමත් අඬගහගෙන දවසක් අනුරාධපුරය බලා පිටත් වුණා. දින ගණනකින් පසු අනුරාධපුරයට පැමිණ මහාවිහාරයේ නවාතැන් ගත්තා. ගමන් වෙහෙස නිසා පැන් පහසු වී මදක් සැතපී රාතී‍්‍ර යාමයේ මහාසෑය වන්දනා කර ගැනීමට අදහස් කළා. වේලාසනින් සැතපුණ මහරහතන් වහන්සේ මධ්‍යම රාති‍්‍රයේ අවධි වී සාමණේර භික්ෂුවටත් නො දන්වා මහාසෑය වන්දනා කිරීමට පිටත් වුණා. එකෙණෙහි ම සාමණේර භික්ෂුවත් අවධි වුණා. ‘ආචාර්යයන් වහන්සේ මධ්‍යම රාති‍්‍රයේ තනිවම කොහේද යන්නේ? මමත් ගිහින් බලන්න ඕන’ යැයි තීරණය කරගෙන තෙරුන් වහන්සේ පිටුපසින් සැඟවි සැඟවී ම වැඩම කළා. මහරහතන් වහන්සේ මහාසෑයේ දකුණු දොරටුවෙන් ඇතුළු වී මහාසෑය දෙස බලා බුද්ධාලම්බන පී‍්‍රතිය උපදවාගෙන දොහොත් මුදුන් තබා වන්දනා කරන්න පටන් ගත්තා. බොහෝ වේලාවක් එසේ වන්දනා කර නැවතත් හිටගෙන දාගැබ දෙස බලමින් බුද්ධාලම්බන පී‍්‍රතිය තවදුරටත් විඳින්න පටන් ගත්තා. දාගැබ වන්දනා කරනවා දුටු සාමණේර හිමි උගුර පාදා තමන් සිටින බව ඇඟවූවා. තෙරුන් වහන්සේ පිටුපස හැරී බලා සාමණේර හිමි දැක ‘ඔබ කොයි වේලාවේද පැමිණියේ? මම දැක්කේ දැනුයි’යි කියා පැවසුවා. ‘ස්වාමිනි, මම ඔබ වහන්සේ වන්දනා කරන්න පටන් ගත්ත මොහොතේ ම තමයි මෙතැනට පැමිණියේ. මහත් වූ පී‍්‍රතියකින් මහාසෑය වන්දනා කරනවා දැක්කා. ස්වාමිනි, මල් ලැබුණොත් පූජා කරන්න කැමැතිදැයි විමසා සිටියා. එවිට මහතෙරුන් වහන්සේ ‘එසේය, සාමණේරය, කවුද අකැමැති සර්වඥ ධාතුන් වහන්සේ විශාල ප්‍රමාණයක් වැඩ සිටින මහා සෑයට මල් පූජා කරන්න. ලැබුණොත් මම සතුටින් පූජා කරනවා’යි පිළිතුරු දුන්නා.


නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]