[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

 

කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරස්ථ දුරුතු මහා පෙරහර

ශ්‍රී ලාංකික ජනතාවගේ චිරාගත සංස්කෘතික අගයන් අතර බෞද්ධ පෙරහරට හිමිවන්නේ අති විශේෂ ස්ථානයකි. මහින්දාගමනයත් සමඟ මෙරට ජනතාවගේ දිවි පෙවෙතේ විශාල පරිවර්තනයක් ඇති විය. බෞද්ධ දර්ශනයට අනුව හැඩගැසුණු ජන ජීවිතයේ සෑම කාර්යයක් ම බෞද්ධ ඉගැන්වීම්වලට අනුව සිදුවිය. එයින් බෞද්ධ ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟුණු අතර විනෝදාස්වාදය සඳහා උපයෝගී කර ගත්තේ බෞද්ධ උරුම තුළින් ගොඩනැගුණු කලාත්මක අංග සමූහයකි. චිත්‍ර, මූර්ති, කැටයම්, ජනකවි ආදී අංශ කෙරෙහි මෙන් ම විශේෂ අවධානයක් යොමු කළ කලාත්මක අංගයක් වූයේ බෞද්ධ පෙරහර සංස්කෘතිය යි. නැටුම් කලාව උපයෝගී කර ගනිමින් වර්ණවත් කළ බෞද්ධ පෙරහර ත්‍රිවිධ රත්නයට උපහාර පූජා පිණිසත්, බුදුරජාණන් වහන්සේගේ නවඅරහාදී බුදු ගුණවලටත් බුද්ධ චරිතයටත් උපහාර දැක්වීම සඳහා පවත්වන මහා සංස්කෘතික මංගල්‍යයකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආදී කර්තෘ හා ප්‍රථම මහානායක පදවිය හෙබවූ අති පූජ්‍ය අඹගහවත්තේ සරණංකර ඉන්ද්‍රසභවර ඤාණසාමි සරණංකර මාහිමිපාණන් වහන්සේගේ සඟ පරපුරෙන් පැවත එන ධූතාංගධාරී උලාංකුලමේ සරණංකර හිමි, ධූතාංගධාරී අතිගරු ශාස්ත්‍රවෙල්ලියේ උපසේන හිමි, ධූතාංගධාරී අතිගරු කට්ටමුරිච්චානේ දීපාලංකාර හිමි, ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවෙන් පැවත එන අතිපූජ්‍ය මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමිපාණන් වහන්සේ 1926 වර්ෂයේ සිට මෙම කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනලංකාර මූල මහා විහාරය කේන්ද්‍ර කරගෙන එහි වැඩ විසූ ආරම්භක විහාරාධිපති ස්වාමීන් වහන්සේ විය. එවකට පැවති ඉංග්‍රීසි ආණ්ඩුවේ විවිධාකාර බාධක හමුවේ පසුනොබා ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ අවශ්‍යතාවන් ඉටු කර ගත්, ප්‍රදේශයේ සැදැහැවතුන්ගේ පරිශ්‍රමයෙන් විහාරස්ථානය ගොඩනැඟීමට අප්‍රමාදීව කටයුතු කළ, සීලයත්, ගුණයත්, පරාර්ථචර්යාවත් ආත්මහිත ප්‍රතිපත්ති සාධනයත් එකතැන දිස්වූ අපේ මහෝපාධ්‍යාය කට්ටමුරිච්චානේ සිරි සුභාරතී මාහිමිපාණන් වහන්සේ 1969 වර්ෂයේ දී අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ ශිෂ්‍ය මහාචාර්ය කබලෑවේ පියභාරතී මාහිමිපාණන් වෙත විහාරස්ථානයෙන් සිදුවන අමිල වූ ජාතික ආගමික හා නිකායික සමාජයීය සේවාවන් පැවරුණි.


දුරුතු පුර පසළොස්වක පෝය

 ජනවාරි 06 සිකුරාදා පූ.භා.  02.16 න් පුර පසළොස්වක ලබා 07 සෙනසුරාදා පූ.භා. 04.39 න් ගෙවේ.
06 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

Full Moonඅමාවක

ජනවාරි 21

First Quarterපුර අටවක

ජනවාරි 28

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]