නිකිණි පෝය දා

සමයක් නිසා වැසි වැඩි මතු තුන් මාසේ
රුක්මුල් අසල ඇතිවන සීතල දැඩි සේ
අපහසු නිසා කරනට බණදම් රිසි සේ
එකතැන විසීමට දුන්නා බුදු උපදේසේ
පෙරවස් වසන්නට තිබුණත් පෝයට ඇසළ
මඟහැරුනොතින් සඟරුවනට ලැබුමට සීල
පසුවස් වසන්නට පොහොදින විසුල
නිකිණි පෝය දා සිදුවෙයි විලසින් පතළ
දෙසුදම් සයුර අපෙ සම්මා සම්බුදු හිමි
මතකයෙ තබාගත් මැනවින් නැතුව නිමි
ලැබුවේ රහත් භාවය බිඳ සසර බැමි
නිකිණි පෝයදා මහ ආනන්ද හිමි
සම්බුදුරදුන්ගේ මහ පරිනිර්වාණෙන්
තෙමසක් ගෙවුණු දා මහ කසුප් තෙරුන්
මුල්තැන අරන් අජාසත් රජු අනුග්‍රහයෙන්
නිකිණි පෝය දා කළේ සංගායනේ මුලින්
ඒ.එම්.අබේසිංහබණ්ඩා
මාපනාවතුර මහනුවර |