[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පවිටු මාරයාට පාඩමක්

පවිටු මාරයාට පාඩමක්

අප බුදුරදුන් සැවැත්නුවර වැඩවසන කාලයේ එමනුවර සුරම්බට්ඨ නම් තැනැත්තෙක් වාසය කළේ ය. ඔහු මිසදිටු අයෙකි. දිනක් බුදුරජාණන් වහන්සේ ඔහුගේ නිවසට පිඬුසිඟා වැඩියහ. බුදුරදුන් දුටු සූරම්බට්ඨ සමීපයට ගොස් නමස්කාර කොට බුදුරදුන් තම නිවසට වැඩමවා අසුනක් සකස් කර එම අසුනේ වැඩ හිඳුවා දානය පිළිගැන්විය.

දානය වළඳා අවසන් වූ පසු බුදුරදුන් සුරම්බට්ඨට දහම් දෙසීය. දහම් අසා ඔහු සම්‍යක්දෘෂ්ටිකයෙක් විය. තුනුරුවන් කෙරෙහි පැහැදීම කිසිම අයකුට සොළවන්ට නොහැකි විය. බුදුරජාණන් වහන්සේ සූරම්බට්ඨට දහම් දෙසා ආපසු විහාරයට වැඩම කළ සේක.

පවිටු මාරයා සූරම්බට්ඨගේ පැහැදීම දැක දෙතිස් මහා පුරුෂ ලකුණුවලින් යුක්ත බුදුරදුන්ට සමාන රූපයක් මවාගෙන සූරම්බට්ඨගේ නිවසට ගියේ ය. බුදුරදුන් නැවත හදිසියේ ම වැඩියේ හදිසියකටද?” කියා ඔහු ඇසුවේ ය.

“ස්වාමිනි මෙසේ වැඩියේ ඇයි’ද” එවිට මාරයා මෙසේ ප්‍රකාශ කළේය. සූරම්බට්ඨ මම ඔබට දහම් දෙසන විට සියලු පංචස්ඛන්ධයන් අනිත්‍ය වන්නේ ය. දුක්ඛ වන්නේ ය. අනාත්ම වන්නේ ය යනුවෙන් වදාළා. එහෙත් නිත්‍ය වූ, සදා කාලික වූ, සැප වූ පංචස්ඛන්ධයක් ද ඇත. මුලින් වදාළ දේ පිළිනොගන්න.”

බුදු දහම් අසා සම්‍යක් දෘෂ්ටියට පත් වූ සූරම්බට්ඨගේ තුනුරුවන් කෙරෙහි ඇතිකරගත් පැහැදීම නැති කරන්නට මාරයා ගත් උත්සාහය නිෂ්ඵල විය.

මාරයා බුදුරදුන්විරුද්ධව ප්‍රකාශ කරන බැවින් ඒකාන්තයෙන් ම “ඔබ මාරයා” දැයි ඇසීය. එවිට මාරයා “එසේ යැයි” පිළිතුරු දුන්නේ ය. “නුඹ වැනි මාරයින් දහසකට මා තුනුරුවන් කෙරෙහි ඇති කර ගත් පැහැදීම වෙනස් කරන්නට නොහැකි ය. මාගේ නිවසින් වහා පිටවෙවයි සූරම්බට්ඨ සිටුවරයා පවිටු මාරයාට කීවේ ය. එය අසා මාර තෙමේ අතුරුදහන් විය.

ඇසළ පුර අටවක පෝය

 ජුලි 06 බදාදා අ.භා. 07.45 පුර අටවක ලබා 07 බ්‍රහස්පතින්දා අ.භා. 07.24 ගෙවේ.
07 බ්‍රහස්පතින්දා සිල්. 

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුලි 07

Full Moonපසළොස්වක

ජුලි 13

Second Quarterඅව අටවක

ජුලි 20

Full Moonඅමාවක

ජුලි 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]