
සංස්කරණය - නයනා නිල්මිණි
අප මහා බෝසතාණන් වහන්සේ

අප මහ බෝසතාණන් වහන්සේ අප වෙනුවෙන් අවුරුදු හයක් ම දුෂ්කර ක්‍රියා කොට ශරීරයට අධික
ලෙස දුක් දුන්හ. ගසෙන් වැටෙන මල්, ගෙඩි කොළ ආදිය පමණක් වැළඳූ සේක. මුලදී සේනානි
නියම්ගම ඇසුරු කොට පිඬුසිඟා ගත් අහරින් යැපුණු බෝසතාණන් වහන්සේ ක්‍රමයෙන් පිඬුසිඟා
යාම අත් හළහ. බෝසතාණන් වහන්සේට ආනාපානසති භාවනාව වැඩීමට සිහියට ආහ. සුජාතා සිටු
දියණිය දුන් කිරි ආහාර වළඳා උන්වහන්සේ වෙසක් පුන් පොහෝ දිනට පෙර දින උතුම් බෝ රුක
මුල ආනාපානසති භාවනාව වැඩූහ. වෙසක් පුන් පෝ දින සියලු කෙලෙස් නසා උතුම් බුද්ධත්වයට
පත් වූ සේක.
පියරන්දෝවේ උත්තමඥාන හිමි
02 ශ්‍රේණිය
සුමන සාමණේර ආයතනය, හඳපානාගල
පණ්ඩුකාභය රජතුමා
පණ්ඩුකාභය කුමරු අනුරාධපුර අග නගරය කොට රජ බවට පත් වූයේ ය. අනුරාධපුර රාජධානියේ
ආරම්භක පාලකයා පණ්ඩුකාභය රජු වන අතර, ලක්බිමෙහි උපත ලද පළමුවන සිංහල රජතුමා ලෙස
සැලකෙන්නේ ද එතුමා ය. පණ්ඩුකාභය රජු නගරය වටා පවුරු බැඳ සෞඛ්‍ය කටයුතු සඳහා
සේවකයින් පත් කළේ ය.
පණ්ඩුකාභය රජුගේ මෙහෙසිය වූයේ ස්වර්ණපාලි නම් කුමරිය යි. ඇය ගිරිඛණ්ඩ ශිව නම්
මයිලණුවන්ගේ දියණිය විය. අභය වැව හෙවත් බසවක්කුලම වැවත්, ජය වැවත්, පණ්ඩුකාභය රජු
කළ වාරි කර්මාන්ත වෙයි. තමන්ට උපකාර කළ චිත්‍රරාජ, කාලවේල, චේතිය යන යක්ෂයන්ට රජ
තෙමේ දෙවොල් ඉදි කරවීය. සුසාන භූමි පිහිටවීය. තිස් හත්වැනි වියෙහි දී රජ පැමිණි
පණ්ඩුකාභය රජු වසර හැත්තෑවක් රාජ්‍යය පාලනය කළ බව සඳහන්ය.
ඩී.පී. අනූපමා නෙත්සරණි
8 ශ්‍රේණිය
සුවිසුද්ධාරාම දහම් පාසල, වැල්ලවත්ත
ඉගෙනීමේ අගය

ඉගෙනීම ජීවිතයට අත්‍යවශ්‍ය වේ. මව්පියන් වැඩිහිටියන්ගෙන් ලබන ඉගෙනුම, පාසලේ
ගුරුවරුන්ගෙන් ලබන ඉගෙනීම, සමාජයෙන් ලබන ඉගෙනීම යනුවෙන් ඉගෙනීම වර්ග කළ හැකි ය.
ඉගෙනීම ජීවිත කාලය පුරාම සිදු වේ. ඉපදී යමක් තේරුම් ගැනීමට හැකි වන වයස වන විට
මව්පියන් විසින්, වැඩිහිටියන් විසින් කළ යුතු දේ, නොකළ යුතු දේ, හොඳ නරක කියා දෙනු
ලබයි.
ආහාර ගන්නා පිළිවෙල, ඇඳුම් අඳින පිළිවෙල, ශරීරය පිරිසුදුව තබා ගන්නා ආකාරය අප ඉගෙන
ගන්නේ මව්පියන් හා වැඩිහිටියන්ගෙන් ම ය.
බෝගමුවේ නන්දසාර හිමි
05 ශ්‍රේණිය
ශ්‍රී සංඝ බෝධි පරමානන්ද පුරාණ විහාරය, පොතුහැර
වඳිනෙමු සැදැහෙන්
තුන් ලෝකයට ම නායකයා වූ
ගෞතම සම්බුදු සමිඳාණෝ
දෙතිස් මහා ලකුණෙන් යුක්තාණෝ
වඳිනෙමු සැදැහින් මුනිදාණෝ
අසරණයන්ගේ දුක හඳුනන්නේ
අසත්පුරුෂයන් යහමඟ ගන්නේ
නායකත්වයේ ගුණ හඳුනන්නේ
කළ උපකාරෙට බුහුමන් දෙන්නේ
සැමහට මෙත් කරුණා පතුරන්නේ
උස් මිටිකම් එක ලෙස පිළිගන්නේ
නිවනට යන මඟ වටහා දෙන්නේ
දොහොත් නඟා අපි වැඳුම් කරන්නේ
නෙත්මි තිලෝචනා
10 ශ්‍රේණිය
ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය, ගාල්ල
මහා පරාක්‍රමබාහු රජතුමා
කිත්සිරිමෙවන් රජුගෙන් පසුව රජ වූයේ පරාක්‍රමබාහු රජු යි. ඔහු දිවයින ම එක්සේසත්
කිරීමේ සැලැස්මේ ආරම්භය වූයේ දක්ඛිණ දේශයේ දී ය. රජරට යටත් කිරීම ඔහුගේ අරමුණ වූ
අතර එහි පළමු අදියර ලෙස රජරටට අයත් මලය දේශය ඔහු යටත් කර ගත්තේ ය. රක්ඛ නැමති
ප්‍රාදේශීය පාලකයාගේ සහාය ද ඔහුට හිමි විය. මොහුගේ සටන් පැවති ස්ථාන වශයෙන් උත්තර
රට්ඨ, කලාවැව, ලග්ගල වැනි ස්ථාන සඳහන් කළ හැකි ය. මෙම ස්ථාන වංශ කතා තුළ සඳහන්
වෙයි. මෙතුමා සිදු කළ වාරිමාර්ග කටයුතු ඉතා ප්‍රසිද්ධ ය. “අහසින් වැටෙන එක දිය
බිඳකුදු ප්‍රයෝජනයට නොගෙන මුහුදට ගලා යාමට ඉඩ නොදිය යුතු ය.” එතුමාගේ ප්‍රසිද්ධ
ප්‍රකාශයකි.
සියඹලෑවේ රාහුල හිමි
04 ශ්‍රේණිය
ප්රවචනාකර මූලික පිරිවෙන, දිවුල්දෙණිය
වෙහෙර වහන්සේ
 |
හොඳ පුරුදු
 |
මගේ ළමා කාලය
 |
කේ. සුරනි ධනුෂිකා
07 ශ්‍රේණිය
සුවිශුද්ධාරාම දහම් පාසල
වැල්ලවත්ත |
ආර්.ඒ. සෙනුජි උපේත්මා
08 ශ්‍රේණිය
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය - වේයන්ගොඩ |
සදෙව්මා සිතාවි පතිරාජ
7 වසර
මහාවිද්‍යාලය
කිරිඳිවැල |
|