අපි‍්‍රකාවේ ටැන්සානියා දාර්යිම්
සලාම් නගරයේ බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කර වසර 100 ක් පිරීම
නිමිත්තෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක සහභාගිත්වයෙන්
ටැන්සානියා අග්‍රාමාත්‍ය Kassim
majaliwa මහතාගේ සහභාගිත්වයෙන් පසුගිය දා විශේෂ ලෝක
බෞද්ධ සම්මේලනයක් ටැන්සානියාවේ දී පැවැත්විණි . එම
සම්මේලනයේ දීි ඇල්පිටිය අමුගොඩ ජයසුමනාරාමාධිකාරි ශ්‍රීමත්
අනගාරික ධර්මපාලපරෝපකාරී පදනමේ මහ ලේඛකාධිකාරි දක්ෂිණ
ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සාහිත්‍ය සූරී අමුගොඩ
සෝමානන්ද නාහිමියන් රන් ආලේපිත සධාතුක සර්වඥ ධාතු කරඬුවක්
ටැන්සානියාවේ බෞද්ධ විහාරාධිපති, ආචාර්ය ඉලුක්පිටියේ
පඤ්ඤාසේකර ප්‍රධාන සංඝනායක නා හිමියන් වෙත පූජා කළහ. ශ්‍රී
ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත නැදගමුවේ
විජයමෛත්‍රී නා හිමි, ත්‍රිපිටකවේදී ඉලුක්පිටියේ පඤ්ඤාසාර
නා හිමි, මාලේගොඩ ත්‍රිපිටක ධර්මායතන මහ පිරිවෙනේ
පරිවෙණාධිපති උණවටුනේ වංශානන්ද නා හිමි ඇතුළු මහා සඟරුවන
හා විශේෂිත ගිහි ප්‍රභූ පිරිසක් ද එක්ව සිටියහ. මෙම
අවස්ථාවේ දී අමුගොඩ සෝමානන්ද නාහිමියන් විසින් මහනුවර
ශ්‍රී දළදා පෙරහරේ වර්ණවත් අලංකාර සිතුවමක් ටැන්සානියාවේ
අගමැතිවරයා වෙත පරිත්‍යාග කරන ලදී. |