සැරද අනඳ හිමි සමිඳාණෝ
අනඳ හිමි අතපත්තුකන්දේ
දකුණු ලක අධිකරණ සඟ නා
බුද්ධ පුත්‍ර පරමාදර්ශී වූ
සුහදතාවයේ මූර්තිය බඳු
නා සමිඳු සැරදේ
සියක් වස් කල් දිනේවා
අනඳ විදුහල් හිටපු උපපති
සාම වෙහෙරෙහි අධිපතිඳු වූ
බොදු සමය හා පොදු දනා ළැදි
සැබෑ නයුවෙක් වීය හිමි සඳ
නා සමිඳු සැරදේ
සියක් වස් කල් දිනේවා
සඟ සොබන ගුණයෙන් සුපූජිත
සදා නොසැළෙන ඉඳුකිලක් වන්
සැදැහැ දන හට පින් කෙතක් බඳු
මධුර දම් උල්පතකි හිමි සඳ
නා සමිඳු සැරදේ
සියක් වස් කල් දිනේවා
ආචාර්ය
රත්නපාල වික්රමසිංහ
 |