Print this Article


පෝදා පින්කම්

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුන

පෙරවරු 6.00-7.00 සීල සමාදානය, 7.00-7.30 තෙරුවන් වන්දනාව, 8.15-10.00 භාවනාව, 10.00-11.00 ධර්ම දේශනාව, 11- 11.30 තෙරුවන් වන්දනාව වැඩසටහන් මෙහෙයවීම ආචාර්ය මිරිස්සේ ධම්මික නා හිමි. පස්වරු 12.30- 1.00 සූත්‍ර සජ්ඣායනාව 1.00- 2.00 ධර්ම දේශනාව දොරොව්වේ ඤාණරතන හිමි. 2.00-3.00 ධර්ම දේශනය මඩවල ධම්මික ජිනවංශ හිමි, 4.00-5.00 ධර්ම දේශනය තල්පත්කන්දේ සිරිනන්ද හිමි. 5.00-6.00 ධර්ම දේශනය අලුත්වල ධම්මසති හිමි

****

තෙලවල – විජයරූපාරාම ධර්මායතනය

මොරටුව, කටුබැද්ද, තෙලවල විජයරූපාරාම ධර්මායතනයේ පොහෝ දින වැඩසටහන ධර්මායතනාධිපති, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඤාණරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වේ.

පෙරවරු 6.30-7.30 – උපෝසථ අෂ්ඨාංග සීලය , සම්බුද්ධ පූජාව හා කෙටි අනුශාසනාව, ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි. 8.15-9.15 ධර්ම දේශනය, හපුතලේ ඤාණවිසුද්ධි හිමි, 9.30-10.30 ජාතක කථා දේශනය, දම්පහළ ඤාණසුධීර හිමි, 11.00 ට දහවල සම්බුද්ධ පූජාව, පස්වරු 1.00-2.30 දේශනය හා භාවනාව, ධර්මාචාර්ය ආසිරි රාජපක්ෂ මහතා, 2.45 -3.30 ධර්ම දේශනය, වැලිමඩ ඤාණාරාම හිමි, 4.00-4.45 ධර්ම දේශනය, වඳුරඹ ඤාණාලංකාර හිමි.

5.00 ට සිල් පවාරණය සිදු කිරීම, 6.30-7.30 දක්වා අෂ්ටපාන සම්බුද්ධ ගිලන්පස අටවිසි බෝධි පූජාව හා පුණ්‍යානුමෝදනාව ධර්මායතනාධිපති දම්පහළ ඤාණරතන නාහිමි ‘බුදුසරණ පුවත්පත’ ධර්ම දානය පිණිස බෙදාදීමේ දායකත්වය, ප්‍රදේශවාසී සැදැහැවතුන් විසිනි.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම (වැඩිහිටි සීල සමාදාන)

පෙරවරු 06.00-07.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව පැවැත්වීම, ශාස්ත්‍රපති පණ්ඩිත ගබ්වෙල වජිර හිමි, 08.00-09.00 භාවනාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි, 09.00-10.00 ධර්ම දේශනාව - ආචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත සූරියවැවේ විජිතනන්ද හිමි, 10.00-11.00 අභිධර්ම දේශනාව - පොල්ගස්ඕවිට දික්හේන භාවනා මධ්‍යස්ථානාධිපති මීතලාවේ විනීත නාහිමි, 11.00-11.15 බුද්ධ පූජාව - තඹුත්තේගම නාරද හිමි, තලංගල්ලේ ධම්මදස්සි හිමි, පස්වරු 12.20-01.00 පිරිත් හා තෙරුවන් ගුණ- කොබෙයිගනේ ධම්මදස්සී හිමි, තලාගම බුද්ධසිරි හිමි , 01.00-02.00 ධර්ම සාකච්ඡාව - ශාස්ත්‍රපති පණ්ඩිත වේරදූවේ මහින්ද හිමි, 02.00-03.00 ධර්ම දේශනාව - ශාස්ත්‍රපති ගෝනදෙනියේ සීවලී හිමි, 03.00-03.45 ධර්ම දේශනාව- රාජකීය පණ්ඩිත කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි, 04.00-05.00 ධර්ම දේශනාව- ශාස්ත්‍රපති පණ්ඩිත ගොම්බද්දල දමිත හිමි, 05.00-06.00 ධම්ම පදය- ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 06.00-06.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, මෙහෙයවීම - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

සීදූව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ දුරුතු පුන්පොහොය නිමිත්තෙන් විහාරාධිපති, පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදූවේ සුමනවංස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පින්කම් මාලාවක් පැවැත්වේ.

එදින අළුයම 5.00 ට බුදුරජාණන් වහන්සේ, ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රනීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, උදෑසන 6.00 ට අෂ්ඨාංග උපෝසථ සීලයේ පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදූවේ සුමනවංස නාහිමි,උදෑසන 6.45 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 8.00 සිට 9.00 දක්වා ධර්‍ම දේශනාව, ගෞරව ශාස්ත්‍රවේදී මීවැල්ලාවේ පඤ්ඤාරංසි තිස්ස හිමි, 9.00 සිට 10.45 දක්වා ධර්‍ම සාකච්ඡාව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක් ප්‍රියදර්ශන , ධර්‍මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ. එන්. ඉන්ද්‍රසේකර , ශාස්ත්‍රපති නීල් ධර්‍මප්‍රිය බණ්ඩාර, ධර්‍මාචාර්ය කේ. ඒ. එස්. ආර්. දයානන්ද ඇතුළු වියතුන් , 10.45 ට ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32 ක් ඇතුළු බුද්ධ පූජා පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 දක්වා සක්මන් භාවනාව, 02.00 සිට 03.00 දක්වා ජාතක ධර්‍ම දේශනාව, 3.15 සිට 4.15 දක්වා ධර්‍ම දේශනාව, ආඬිඅම්බලමේ සුගුණ හිමි, 4.30 සිට 5.30 දක්වා ධර්‍ම දේශනාව මාදූවේ කෝලිත හිමි

****

හම්බන්තොට සිංහගිරි විහාරය

පෙරවරු 6.30 සිල් සමාදන් කරවීම හා අනුශාසනාව විහාරාධිපති විතාරන්දෙණියේ වජිර හිමි, 7.00 ට බුද්ධ පූජාව, හම්බන්තොට සමාධි හිමි, 8.00 ධර්ම දේශනාව වීරකැටියේ සුමන හිමි, 9.00 ට භාවානාව සූරියවැවේ රාහුල හිමි, 10.00 ට බුදුගුණ කවි ගායනාව, මාමඬලේ මුදිත හිමි, 11.00 ට බුද්ධ පූජාව, නුගේකන්දේ මංගල හිමි, පස්වරු 1.00 ට ධර්ම සාකච්ඡාව ඩබ්.ඒ.විජේදාස මයා, 3.00 ට ගිහි දේශනය, ඩබ්.කොංගලආරච්චි මයා, 4.00 ට කවි බණ ඕපනායක සිරි සුජාත හිමි, 5.00 ට අටවිසි බෝධි පූජාව.

****

ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරය

එදින උදෑසන 06.00 -06.30 සීල සමාදානය සහ උදෑසන බුද්ධපූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරි ශාස්ත්‍රවේදි රන්දිලිගම මහින්ද හිමි, 08.00-09.00 ගුවන්විදුලි ධර්ම දේශනාව බොරැල්ලේ කෝවිද හිමි, 09.00-10.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 10.00-11.00 ධර්ම සාකච්ඡාව 11.00-11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී ගොඩපොල නන්ද හිමි.

පස්වරු 12.15-2.00 සීල භාවනා සමිතිය, 02.00-3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 03.00-04.00 ධර්ම දේශනාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 04.00-05.00 ධර්ම දේශනාව, 05.00- 06.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි, 06.00-07.00 ගිලන්පස බුද්ධ පූජාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 07.00-08.00 සන්ධ්‍යා ධර්ම දේශනාව 08.00 සිට පසුදා අලුයම පහන් වන තුරු ගුවන්විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාව