Print this Article


රෝහණ මහා සෑ රදුන් වහන්සේ වන්දනාවට විවෘත වේ

රෝහණ මහා සෑ රදුන් වහන්සේ වන්දනාවට විවෘත වේ

කැලණි පුරවරයට අයත් පෑලියගොඩ නගරයේ පිහිටි රෝහණ විහාරය දිනෙන් දින දියුණු විය. ආධ්‍යාත්මික සුවය ලබා දෙමින් බොදුනුවන්ගේ වන්දනාමානයට නිති බඳුන් වූ මෙම විහාරය ආශිර්වාදයකි. වර්ෂ 2018 දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ එම සෑ රදුන් දැඩි පරිශ්‍රමයක් දරා විශාල වියදමකින් ඌරපොල සේමසිරි හිමියන්ගේ දැඩි කැපවීම මත ඉදිවුණි.

අඩි 88 පමණ උසැති සෑ රදුන් බොහෝ අයගේ උදව් උපකාර මත “රෝහණ මහා සෑය” නමින් ජනතාවගේ වන්දනාමානයට මේ මස 18 දින කල්‍යාණි රාජමහා විහාරාධිපති හා කැලණි සරසවියේ කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මා හිමියන්ගේ සුරතින් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද විවෘත වේ. එයට සමගාමීව 16 දින පරිත්‍රාණ ධර්ම දේශනාවක් ද, 17 සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ද, 19 දින සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇති බව ශාස්ත්‍රපති වත්තල සෝභිත හිමියෝ දන්වා සිටිති.