ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව
විද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නා හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ
සානුනායක කාරක මහා සංඝ සභාව විසින් කොළමුන්න ශ්‍රී බිම්බාරාමාධීශ්වර කොළමුන්නේ
සුමනවංශ මහා නා හිමිපාණන් වහන්සේ වෙත “ධර්මකීර්ති ශ්‍රී සුමනපාල” යන ගෞරව නාම
සම්මුති සහිත ගල්ගොඩ ශ්‍රී මහාවිහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා
ඇත. නාහිමි පිළිගැන්වීමේ මහෝත්සවය කොළමුණ්න ශ්‍රී බිම්බාරාම විහාරයේ දී මේ මස 23
වැනිදා සවස 3.00 ට පැවැත්වීමට නියමිතව ඇත. |