Print this Article


අෂ්ටඵල බෝධි අංකුර රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය

අෂ්ටඵල බෝධි අංකුර රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය

දඩගමුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයෙහි විහාරාධිකාරි ශාස්ත්‍රවේදී කරදෙටියන ගුණානන්ද හිමි ප්‍රවීණාචාර්ය මංජුල උස්හෙට්ටිමහතා

වේයන්ගොඩ දන්විලාන හි අභිනවයෙන් ඉදිකරගෙන යනු ලබන ශ්‍රී තිලකරත්නාරාම බෞද්ධ මධ්‍යස්ථාන පූජා භූමියෙහි අෂ්ටඵල බෝධි අංකුර රෝපණය දෙසැම්බර් 18 පොහෝ දා ගම්පහ ඔරුතොට පදිංචි ප්‍රවීණාචාර්ය මංජුල උස්හෙට්ටි මහතාගේ සුරතින් සිදුවිය.


විශ්‍රාමික මේජර් ජෙනරාල් ජයම්පති තිලකරත්න

මෙම අභිනව බෞද්ධ මධ්‍යස්ථානය සඳහා වන රමණීය භූමි භාගය විශ්‍රාමික විදුහල්පති කෝරළගමගේ දොන් නේලිස් තිලකරත්න මහතාගේ සහ විශ්‍රාමික විදුහල්පතිනි අයි.පී.ලීලාවතී තිලකරත්න මහත්මියගේ පුත් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජයම්පති තිලකරත්න මහතා විසින් දඩගමුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයෙහි විහාරාධිකාරි ශාස්ත්‍රවේදී කරදෙටියන ගුණානන්ද හිමියන් වෙත පසුගියදා පූජා කරන ලදී.

ඓතිහාසික කිරිවෙහෙර පූජා භූමියෙහි රෝපිත අෂ්ඨඵල බෝධිරාජයාණන් වහන්සේගෙන් ලබා ගත් අංකුර බෝධින් වහන්සේ උදෙසා පූජෝපහාර දක්වා අෂ්ටඵල බෝධින් වහන්සේ සහ කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා ප්‍රදක්ෂිණා කිරීමෙන් ආසිරි ගන්වා වේයන්ගොඩ දඩගමුව ඓතිහාසික රාජමහා විහාරස්ථානය වෙත වැඩමවන ලදී. එසේම සඟමිත් තෙරණින් වහන්සේ අනුස්මරණය කරමින් දඩගමුව රාජමහා විහාරස්ථානයේ සිට අභිනව බෞද්ධ මධ්‍යස්ථානය වෙත අලංකාර පෙරහරින් බෝධි අංකුරය වැඩමවන ලදී.

දඩගමුව ඓතිහාසික රාජමහා විහාරාධිපති මැටිකොටමුල්ලේ පේමරතන නාහිමියන් වහන්සේ , අත්තනගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මල්වත්ත ශ්‍රී බෝධි විහාරාධිපති, විශ්‍රාමික විදුහල්පති කලෝටුවාවේ පඤ්ඤාසාර හිමි, කටුවන්ගොඩ ශ්‍රී අරියනන්දනාරාමාධිපති විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති මහගම සීලානන්ද හිමි. දන්විලාන ශ්‍රී ජිනරාජ විහාරාධිපති ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඕමල්පේ සෝමානන්ද හිමි, පල්ලේවෙල මල්බෝලාන වික්‍රමශිලා විදර්ශනා පිරිවෙන්පති වරාවැව උපාලි හිමි. ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ. බෝධින් වහන්සේ වටා මලු තුනකින් සමන්විත ව ඉදිකෙරෙන බෝධි ප්‍රාකාරය මංජුල උස්හෙට්ටි මහතාගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කිරීමට නියමිත ය.