[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

වාද්දුව සඟ පරපුරේ මූලස්ථානය පානදුර ගොරකාන කන්දේ විහාරය

දහනව වන සියවසේ මෙරට සම්බුදු සසුන සුරක්ෂිත කිරීම උදෙසා සුවිශාල කාර්යභාරයක් සිදු කළ පානදුර ගොරකාන කන්දේ විහාරය මොරටුව පානදුර යා කෙරෙන පරණ පාරේ ගොරකාන මංසන්ධියෙන් කන්දේ විහාර මාවතේ පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ වාසය කළ රිවිදේව සෙනෙවියාගේ වාසභූමියෙහි විහාරය පිහිටා ඇතැයි ජනප්‍රවාදයේ කියැවෙයි. ගොරකාන ගංගාතිලක විහාරාධිපති මහ බෙන්තර හිමියන් ඇසුරෙහි පැවිදි වූ වාද්දුවේ ධම්මානන්ද හිමිපාණන් වහන්සේ වෙත මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ යුරෝපීය ආණ්ඩුකාරවරයා විසින් කඳු සහිත අක්කර අටක් වූ රජයේ ඉඩම පුදකොට ඇත. විහාරස්ථානයේ පිහිටීම අතිශය චමත්කාරජනක ය. කන්දේ එක් එක් උස මට්ටම් අනුව පිහිටි මාලක හතරක විහාරාංග ඉදිකරවා ඇත. කෙත්වතු මැදින් ගිය කල විහාරස්ථානයේ පෞරාණික වාහල්කඩ මෙන්ම නූතනයේ ඉදිකළ දර්ශනීය වාහල්කඩ හමුවෙයි. එම මාලකයෙහි 1845 වසරේ ඉදි කළ දෙමහල් පෝය සීමාව සහ ධර්මශාලාව පිහිටා ඇත. මදක් ඉහළට ගමන් කළ දෙවන මාලයේ සංඝාවාසය සහ දැනට කෞතුකාගාරය වශයෙන් සංරක්ෂණය කොට ඇති වාද්දුවේ නාහිමියන් වැඩ විසූ පෞරාණික ආවාස ගෘහය හමු වෙයි. නැවත මදක් ඉහළට ගිය කල තෙවන මාලකයේ පෞරාණික විහාර මන්දිරයත් නූතන යුගයේ තැන වූ මහින්දාගමනය නිරූපණය කරන මූර්ති නිර්මාණයත් හමුවේ.  විහාර මන්දිරය 18 වන සියවසේ අවසාන භාගයේ එනම් 1796දී ඉදි කරවන ලදැයි යනු දැනට ඇති පිළිගැනීමයි. විහාර මන්දිරයේ ශෛලමය උළුවස්සෙහි අක්ෂර කොටා ඇත. විහාර බිමට නුදුරින් පිහිටි ඉඩමක් මොරටුවේ පදිංචි මහමරක්කලගේ ඇපලෝනියා ප්‍රේරා උපාසිකාව විසින් මිලට ගෙන විහාරයට පිදූ සෙල්ලිපියක් හමු වෙයි. එසේම විහාර මාවත ආරම්භ වන මහා මාර්ගය අසල 1860 වසරේ පිහිටුවන ලද වාද්දුවේ ධම්මානන්ද නාහිමියන් වැඩසිටින විහාරයට යන මාර්ගය හඟවන සෙල්ලිපියක් දක්නට ඇත.

උඳුවප් පුර අටවක

දෙසැම්බර් 10 සිකුරාදා අපරභාග 19.09 අමාවක ලබා 11 සෙනසුරාදා අපරභාග 19.13 ගෙවේ.
සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 11

Full Moonපසළොස්වක

දෙසැම්බර් 18

Second Quarterඅව අටවක

දෙසැම්බර් 27   

Full Moonඅමාවක

ජනවාරි 02


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]