[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

1875 නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට මෙම මස 01 දිනට වසර 146 ක් සපිරුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි

පෙරදිග මහා තක්‍ෂිලාව: පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන

පුරා වසර 146ක කාල පරාසයක් ආයු ගෙවමින් මේ රටට, ජාතියට, ආගමට, භාෂා ශාස්ත්‍රාදියට අනගි මෙහෙයක් ඉටු කළ, එමෙන් ම ඉටු කරන විද්‍යාලංකාර පිරිවෙන මේ රටට පමණක් නොව මුළු මහත් ලෝකයට ම අයත් මහා තක්‍ෂිලාවකි. ශ්‍රී සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පරම පූජනීයත්වයට පත් සිරි ලක්දිව, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීමත් සමඟ ශ්‍රී සද්ධර්මයෙන් ද පෝෂණය වූ දහම් දිවයිනක් බවට පත් විය. “වැවයි දාගැබයි ගමයි පන්සලයි” යන සංකල්පය නිසා මිනිසා හා පන්සල අතර දැඩි සබැඳීයාවක් පැවති බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. අනුරපුරින් ඇරඹුණ භික්‍ෂු අධ්‍යාපනය ඉතා කෙටි කලකින් ලක්දිව සතර දිග්භාගයේ ම ව්‍යාප්ත වුණි. 1505 පෘතුග්‍රීසි ආක්‍රමණය නිසා පිරිහුණු දේශීය අධ්‍යාපනය ආරක්‍ෂාකර ගැනීමටත්, යළි නඟා සිටුවීමටත් ජාතියේ පිනට වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියෝ පහළ වූහ. උන්වහන්සේ අති දුෂ්කරතා මැද පිරිහෙමින් තිබූ අපේ අධ්‍යාපනය මැනවින් ප්‍රගුණ කොට එයට අනුගත වූ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරක් ලක්දිව පුරාම ඇති කළහ. ඒ ගෝල පරපුරෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මූලිකත්වය ගත්තේ ගෞරවාර්හ ආසිදෙණියේ ධර්මකීර්ති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.උන්වහන්සේ ගේ පරපුරෙන් පැවත එන ගෝල පරපුරට අයත් මහා පඬිවරයෙකි, වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ කරමින් රටට හා දේශීය බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට පෙරමුණ ගත හැකි පඬිවරු ගණනාවක් බිහි කළහ. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1875 දී කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව ආරම්භ කරමින් වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ අභිමතාර්ථ ඉෂ්ටසිද්ධ කළහ.


ඉල් පුර අටවක පෝය

නොවැම්බර් 11 බ්‍රහස්පතින්දා පූර්ව භාග 06.49 ඉල් පුර අටවක ලබා 12 සිකුරාදා පූර්ව භාග 05.51 ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18

Second Quarterඅව අටවක

නොවැම්බර් 27   

Full Moonඅමාවක

දෙසැම්බර් 03


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]