[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

වරදක දී දරුවන්ට දඬුවම් කිරීම හරිද වැරැදි ද?

අපගේ දරුවන් අනුකරණශීලීන් වන්නේ, නිර්මාණශීලීන් නො වන්නේ මෙම බියසුළු ගතිය පදනම් කරගෙන ය. කෙතරම් උගත්කම් ලැබුවත් අපට බොහෝ විට නිර්මාණශීලීන් නැත. ව්‍යවසායකයින් නැත. විද්‍යාඥයින් නැත. අලුතින් හිතන අය නැත. කුලියට වැඩ කරන නිවට බියසුළු සේවක පිරිසක් ඇත. එක්තරා පියෙක් තම දරුවාට පාඩම් වැඩ කරන ලෙස දැන්වූ ව ද එය නොකළ නිසා දඬුවම් කළේ ය. පහර වැරැදී හිසට වැදීම නිසා දරුවා මරණයට පත් විය. පියා පහර දුන්නේ සත්භාවයෙනි. එම නිසා ම මේ සිදුවීම සාධාරණය කිරීම උදෙසා ඇතැම් අය ධර්මය සමඟ ගළපා ගන්නට උත්සාහ දරනු පෙනේ. කර්මය තුළ දී, චේතනාව කර්මය වන බවත්, (චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචා මනසා) චේතනාව යහපත් වුවොත් එය යහපත් ක්‍රියාවක් වන නිසා මෙය සාධාරණී කරණය කිරීමට පෙළඹේ. මෙහි දී ප්‍රාණඝාත අකුසලයකට සම්පූර්ණ විය යුතු සතකු වීම, සතකු බව දැන ගැනීම, මැරීමේ චේතනාව, මැරීම සඳහා උපක්‍රම භාවිතය ආදී කාරණාවන්ගෙන් මැරීමේ චේතනාව නොවූ බව ඔවුහු කියති. මෙය සාවද්‍ය කාරණයකි. යම් කර්මයක් සිදු වුවහොත් ඊට අදාළ ප්‍රති විපාකයක් වෙයි. අපගේ පින්තූරයක් ගත් විට අප වගේ වන්නා සේ කළ කර්මයෙහි ප්‍රති විපාකය ද ඒ හා සමාන වෙයි. ප්‍රති විපාක දෙකකි. ඒ ප්‍රවෘත්ති විපාක හා ප්‍රතිසන්ධි විපාකයි. ප්‍රතිසන්ධි විපාක යනු ඊළඟ භවයක උපතයි. සමහර විටක ඉහත සිදුවීමේ දී චේතනාව නොමැති විය හැක. එනමුත් ප්‍රවෘත්ති විපාක ලැබෙයි. චක්ඛුපාල තෙරුන් සක්මන් භාවනා කරද්දි නොදැනුවත් ව මෙරු මැරෙති. උන්වහන්සේ රහත් වූ නිසා ප්‍රතිසන්ධි විපාකයක් නොවිණි. එනමුත් ප්‍රවෘත්ති විපාක ලැබිණි. මහා කපි ජාතකයෙහි වලෙන් ගොඩ ආ මිනිසා තමා ගොඩ ගත් වඳුරා මරා මස් කන්නට ඌට ගලකින් ගැසී ය. කුසගින්න නිසා කළ දෙයකි. එහෙත් මේ මිනිසා මැරෙනා තුරු කුෂ්ඨ රෝගයකින් පෙළුණි. මේ තමා කළ අපරාධයෙහි කර්ම ශක්තිය සංකේතවත් කරන අවස්ථාවකි.


වප් අව අටවක

ඔක්තෝබර් 28 බ්‍රහස්පතින්දා අ.භා 12.49 අව අටවක ලබා 29 සිකුරාදා අ.භා 14.09 ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   

Full Moonඅමාවක

නොවැම්බර් 04

First Quarterපුර අටවක

නොවැම්බර් 11

Full Moonපසළොස්වක

නොවැම්බර් 18


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]