[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

  අවසන් රන්දෝලි පෙරහරේ දී

 

සුමන සමන් දෙවි පූජෝපහාර පුදන මහියංගණ රාජ මහා පෙරහරට පමණක් ආවේණික ආදිවාසී පුද සිරිත්

මහියංගණ රාජ මහා විහාරස්ථානය හා ශ්‍රි සුමන සමන් දේවාලය එක්ව වාර්ෂික ව සිදු කරන ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භය හා විකාශය ක්‍රිස්තු පුර්ව හය වන සියවස දක්වා ඈත අතීතයට ගමන් කරයි. එහෙයින් හෙළයේ ඓතිහාසික ම පෙරහර මංගල්‍යයක් ලෙස හැඳීන්විය හැකි ය. මහියංගණ ඇසළ පෙරහර මංගල්ලයේ ආදිවාසී සහභාගීත්වය සුවිශේෂී ය. සුමන සමන් දෙවිඳුන් ගේ වැඩිමහල් සහෝදරියක් වන මහා ලොකු මැණියෝ බින්තැන්නේ වැසියන් ගේ මහත් පුදසත්කාරයට හා ගෞරවාදරයට ද පත් තැනැත්තියකි. ඇය ද මහියංගණය සුමන සමන් දේවාලයේ දී පිදුම් ලබන්නී ය. විශේෂයෙන් ම ආදිවාසී ජනතාව ගේ ප්‍රමුඛ පිළිගැනීමක් හිමි වන්නේ එතුමිය වෙනුවෙන් ය. එතුමිය වෙනුවෙන් දේවාල සතරක් ඇති අතර, එයින් සළුකන්ද දේවාලය තුළ එතුමිය ගේ ආභරණ ඇති බවට විශ්වාස කෙරේ. එතුමිය විසින් චෛත්‍ය රාජයාණන් වහන්සේ උදෙසා පෙරහර මංගල්‍යයන් සිදු කළ බව ජනවහරේ පවතී. මහියංගණ පෙරහරේ විශේෂත්වය නම් ආදිවාසීන් දක්වන දායකත්වය යි. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්ථාවේ යක්ෂ ගෝත්‍රිකයන් අවි ආයුධ දරමින් යුද්ධයකට සූදානම් වෙමින් සිටි අවස්ථාව සිහි ගන්වමින් මහියංගණයේ ජීවත් වන වැදි ජනතාව දිග රිටි, දුණු, ඊතළ හා ආදිවාසී ආයුධ රැගෙන පෙරහරේ ගමන් කිරීම සිදු කරති. විශේෂ නැටුම් ගැයුම් සම්ප්‍රදායක් නොමැති වුවත් ඔවුහු ඝෝෂා කරමින් රිටි එකිනෙකට ගසමින් ගැටුමක ස්වභාවයෙන් චෛත්‍යය වටා දිව යමින් අවසානයේ සටනට සුදානම් වෙති. බුදුරජාණන් වහන්සේට දමනය වූ යක්ෂ ගෝත්‍රිකයන් සංකේතවත් කරමින් පෙරහරේ දී පසුබැස පලායන ස්වභාවය සංකේතවත් කොට නැවත මහවැලි ගඟට ගොස් ජල ස්නානය කොට ආදිවාසීන් ආපසු පැමිණෙන්නේ චෛත්‍යය මලුවට පැමිණ බුදුන් වහන්සේ ගෙන් සමාව ගැනීම පෙන්වන චාරිත්‍රය ඉටු කිරීම උදෙසා ය. අනතුරුව දානය සකස් කොට පෙරහරින් පැමිණ බුද්ධ පූජාව පූජා කිරිම සිදු කරයි. එය අලුයම් කාලයේ දී සිදු කරන පෙරහරක් වන අතර, සම්බුද්ධ පුජාවන් සිදු කරන අවස්ථාව වනවිට හිමිදිරි පාන්දර වන්නේ ය.


බිනර අව අටවක

ඔක්තෝබර් 05 වැනි අඟහරුවාදා අපර භාග 19.04 අමාවක ලබා 06 වැනි බදාදා අපර භාග 16.35 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

Full Moonපසළොස්වක

ඔක්තෝම්බර් 20

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 28   


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]