[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

බුදු සිරිත කියවා බොදු සිරිත දැන ගනිමු

බුද්ධො සො භගවා බොධාය ධම්‌මං දෙසෙති. දන්‌තො සො භගවා දමථාය ධම්‌මං දෙසෙති. සන්‌තො සො භගවා සමථාය ධම්‌මං දෙසෙති. තිණ්‌ණො සො භගවා තරණාය ධම්‌මං දෙසෙති. පරිනිබ්‌බුතො සො භගවා පරිනිබ්‌බානාය ධම්‌මං දෙසෙතී ති. අද බිනර පුර පසළොස්වක පොහෝ දිනය යි. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු කුල කාන්තාවන් හට අෂ්ට ගරු ධර්ම පනවමින් සම්බුදු සසුනේ පැවිදි වීම අනුදැන වදාරන ලද්දේ අද වන් දිනක දී යි. බ්‍රාහ්මණ ඉගැන්වීම් හමුවේ අසරණ ව, පීඩාවට පත් කාන්තාවන්ට සමාජයේ නිසි තැන පිරිනැමුණේ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ඇතුළු පිරිස ගේ පැවිද්දත් සමඟ භික්ෂුණී සමාජය ආරම්භ වීමත් සමග යි. ධර්ම දේශනාවට මා මාතෘකා කළේ මජ්ඣිම නිකායේ මූල පණ්ණාසකයේ මහා යමක වග්ගයේ එන චූල සච්චක සූත්‍රයේ අන්තර්ගත වන බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ කෘත්‍යය සැකෙවින් වදාළ දහම් පාඨයක්. සතළිස් පස් වසරක බුදුරජාණන් වහන්සේ ගේ බුද්ධ කෘත්‍යය එම පාඨය තුළ මැනවින් සාරාංශ ගත කොට තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ චතුරාර්ය සත්‍යය අවබෝධ කොට අනුන් හට අවබෝධ කරවනු සඳහා දහම් දේශනා කොට වදාළා. තමන් වහන්සේ ඉන්ද්‍රිය දමනය කොට අනුන් ගේ ඉන්ද්‍රිය දමනය සඳහා මඟ පෙන්වීමට දහම් දේශනා කොට වදාළා. තමන් වහන්සේ කෙලෙසුන් සංසිඳුවා, අනුන් ගේ කෙලෙසුන් සන්සිඳවනු සඳහා දහම් දෙසුවා. තමන් වහන්සේ සසරින් එතෙර වී අනුන් සසර සයුරින් එතෙර කරවීමට මඟ පෙන්වූ වා. භාග්‍යවතුන් වහන්සේ කෙලෙස් සංසිඳුවා ගෙන අනුන් ගේ කෙලෙස් ගිනි නිවනු සඳහා දහම් දෙසුවා. මේ බුදුරජාණන් වහන්සේ ගේ පන්සාළිස් වසරක බුද්ධ කෘත්‍යය සැකෙවින් දක්වා ඇති ආකාරය යි.


බිනර පුර පසළොස්වක

සැප්තැම්බර් 20 සඳුදා පූ.භා 05.28 පසළොස්වක ලබා 21 අඟහරුවාදා පූ.භා 05.24 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 29   

Full Moonඅමාවක

ඔක්තෝම්බර් 06

First Quarterපුර අටවක

ඔක්තෝම්බර් 13

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]