[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

බෙල්ලන්විල සඟ පරපුරේ මූලස්ථානය වූ අත්තිඩිය මාලිගාවත්තේ පුරාණ විහාරය

පෘතුගීසි ආදී යුරෝපීයයන්ගේ ආක්‍රමණ හමුවේ වනගත ව ගිය බෙල්ලන්විල රජමහා විහාරස්ථානය සහ තදනුබද්ධ දෙතිස්ඵල බෝධිරාජයාණන් වහන්සේ නැවත සොයා ගනිමින් පුනර්ජීවනය සලසන ලද්දේ අත්තිඩියේ මාලිගාවත්තේ පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කොට ගනිමිනි. සයවැනි පැරකුම්බා මහ රජතුමා අලකේශ්වර ප්‍රභූ රාජයාට විරුද්ධව සටන් කිරීමට පෙර පැපිලියානට සමීප ගමක ගල්තලාවක් මත මාලිගාවක් තනවා කෙටි කලක් විසූ බව ජනප්‍රවාදයේ එයි. රජුගේ පුණ්‍ය ශක්තිය නිසා ගල් තලාව මත රාජකීය මංගල හස්ති රාජයාගේ පා සටහනක් පිහිටි බවත් ඇත් අඩිය සහිත වූ ග්‍රාමය අත්තිඩිය වී යැයි සැලකේ. රජමාලිගාව පිහිටි බිමට මාලිගාවත්ත නමින් ව්‍යවහාර විය. රජුගේ මන්ත්‍රීවරුන් විසූ කොටස මන්ත්‍රීමුල්ල ලෙස ව්‍යවහාර කොට ඇත. බෙල්ලන්විලට දකුණින් පිහිටි අත්තිඩිය ග්‍රාමයේ විචිත්‍රත්වය කෝට්ටේ යුගයේ රචිත පරෙවි, ගිරා සහ කෝකිල සන්දේශයන්හි විස්තර කෙරෙයි. පරෙවි, කෝකිල සන්දේශයන් අත්තිඩියේ කාන්තාවන්ගේ රූප ශෝභාව සහ විචිත්‍රවත් ගීත ගායනය අගය කොට ඇත. ගිරා සන්දේශයට අනුව මේ ප්‍රදේශයේ වාසය කළ රාජකීය යුද්ධ හමුදාවේ සේවය කළ සොල්දාදුවන්ගේ ස්වාමි දියණිවරුන් තම සැමියන් ලද වැටුපෙන් සතුටු වී මිහිරි හඬින් ගීත ගායනා කොට තිබේ.

නිකිණි අව අටවක

  අගෝස්තු 29 ඉරිදා අ.භා 23.25 අව අටවක ලබා 31 අඟහරුවාදා පූ.භා 01.59 ගෙවේ.
සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 30   

Full Moonඅමාවක

සැප්තැම්බර් 06

First Quarterපුර අටවක

සැප්තැම්බර් 13

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]