[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව උත්තරීතර මහා නායක මහා මහෝපාධ්‍යාය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහනාහිමියෝ

උපසම්පදාවෙන් පසු අගනුවරට සම්ප්‍රාප්ත වූ දොඩම්පහළ චන්දසිරි ස්වාමින් වහන්සේ, මාතර ශ්‍රී සද්ධාරාම නායක මාහිමියන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යවරයාණන් වූ කුඩාවැල්ලේ වංගීස අධිකරණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සෙවණෙහි භාවනා ප්‍රගුණ කිරීමට පටන් ගත් අතර, විපස්සනා කම්මට්ඨානාචරිය කහටපිටියේ සුමතිපාල මාහිමියන් වෙතින් වැඩි දියුණු කර ගත්හ. අභිධර්මය කෙරෙහිද විශේෂ උනන්දුවක් දැක්වූ අප හිමිපාණෝ දෙමටගොඩ මහා විසුද්ධාරාමයේ දී අභිධර්ම විශාරද අතිගරු දෙවිනුවර ඤාණාවාස නාහිමියන් වෙතින් අබිදම් ඉගෙන ඒ පිළිබඳව ද ප්‍රාමාණික උගතකු බවට පත්වූහ. ශ්‍රී ලංකා ධරණීතලය සද්ධර්මාලෝකයෙන් එකලු කළේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස විසිනි. එතැන් පටන් වසර දෙදහස් තුන්සියයකට වඩා වැඩි කාලයක් අනේකවිධ වූ බාධා මැද සම්බුදු සසුන අවිඡ්ඡින්නව පැවතගෙන එනු ලබයි. අනුබුදු මිහිඳු මාහිමියන් ඇති කළ ශාසනික ප්‍රබෝධය මහනුවර යුගය වනවිට පරිහානිය කරා ගමන් කරමින් පැවතිණ. එම දුර්දශාපන්න තත්වයෙන් ශාසන සම්ප්‍රදාය සුරක්ෂිත කරගැනීමෙහිලා පුරෝගාමී වූවෝ බෝධිසත්ව ගුණෝපේත අසරණ සරණ වැලිවිට පිණ්ඩපාතික සරණංකර සංඝරාජයාණන් වහන්සේ ය. එනමුදු උන්වහන්සේ සිදුකළ ශාසන සංග්‍රහය ඇතැම්විට පරමාර්ථ ශූන්‍ය බවට පත්වූයේ එකල වැඩසිටි ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ අදූරදර්ශී ක්‍රියාකලාපයන් නිසා ය. කුලගොත් විචාරා මිස භික්ෂූන් වහන්සේලාට ගෞතම බුදුසසුනේ උපසම්පදාව ලබා නොදීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජු නීතියක් පැනවූ බව මන්දාරම් පුවතෙහි සඳහන් වේ. රජුගේ මෙම නියෝගය බුද්ධ නීතිය ඉක්මවා යන්නක් විය.


ඇසළ අව අටවක

 ජුලි 31 සෙනසුරාදා පූර්ව භාග 05.40 අව අටවක ලබා පසුදා පූර්වභාග 07.56 ගෙවේ. සෙනසුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 31  

Full Moonඅමාවක

අගෝස්තු 08

First Quarterපුර අටවක

අගෝස්තු 15

Full Moonපසළොස්වක

අගෝස්තු 22

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]