[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

ගිහි ගෙදර ගිනි ගෙයක් ද?

ජවො ජවාය සද්ධිං සංවස්සති - ජවෝ දේවියා සද්ධිං සංවස්සති - දේවෝ ජවාය සද්ධිං සංවස්සති - දේවෝ දේවියා සද්ධිං සංවස්සති. තමහට රිසි, නොරිසි කර ගන්නේ තමන් ම ය. අනෙකෙක් අන් කෙනකු රිසි හෝ නොරිසි නො කෙරේ. ආදි වශයෙන් විවිධ තැන්හි අඹුසැමියන් ලෙස ජීවත් වීමේ එහි ක්‍රමවේදය හා පිළිවෙළ පිළිබඳ සඳහන් වේ. අද ලෝකය ගත් කල්හි ප්‍රශ්න ජාලාවක තෝතැන්නක් බවට පත් වී හමාර ය. ඒ අතර ජීවත් වන නිවෙස් ද ගිනි ගෙවල් බවට පත්වී ඇත. “අන්තෝ ජටා බහි ජටා” ඇතුළත් ප්‍රශ්නය. පිටතත් ප්‍රශ්නය මිනිසුන් ප්‍රශ්න තුළ නිමග්නව අන්ත අසරණ දුක්වලට පත් වී ඇත. ම.නි. ඕපම්ම වග්ගයට අයත් වම්මික සූත්‍රය තුළින් රාත්‍රියට දුම් දමන, දහවලට ගිනි ගන්න තුඹසක් පිළිබඳ දේශනා කොට ඇත්තේ ද උපමා ස්වරූපයෙන් හෝ මිනිසුන්ගේ මනෝ භාවයන් හා ජීවන රටාවන් පිළිබඳ හුවා දැක්වීමට ය. ලෝකය ලස්සන වන්නේ නිරවුල් හා සාමකාමී පවුල් සංස්ථා එක් වූ විට ය. ජීවිතයක ප්‍රධානම කඩඉමක් වන්නේ ද අඹු සැමියන් වශයෙන් පවුල් සංස්ථාව ගොඩ නැඟීම තුළිනි. එය අන්‍යොන්‍ය බැඳීමක් හා විශ්වාසයක් මත පවතින්නක් විය යුතු ය. ඒ සඳහා බුද්ධ දේශනය ඉතාම වැදගත් වේ. බුදුරජාණන් වහන්සේ ලස්සන පවුල් සංස්ථාවක් උදෙසා මඟ කියූ ශාස්තෘවරයෙකි. උන්වහන්සේගේ දේශනයන් තුළින් සැබෑ අඹු සැමියන් කවුරුන් ද යන වග පැහැදිලි වේ. තම පවුල් ජීවිතය ලස්සන හෝ අවලස්සන වන්නේ අනුන් නිසා නොව තමන් විසින් ය. ඒ බව සිරිකාලකණ්ණි ජාතකය තුළින් ද පැහැදිලි වේ. ජීවිතය වර්තමානය තුළ පවතින්නක් බව සිතන්නෝ ඉතා සීමිත ය. බොහෝ දෙනෙක් අතීතය හා අනාගතය තුළ සිර වී දුක් විඳිති. අතීතය ගැන දුක් වීමත්, අනාගතය ගැන සිහින මැවීමත් හේතුවෙන් පැන නැඟෙන්නේ මොහොතින් මොහොත අතෘප්තිය, අසහනය වැනි මානසික පීඩාවන් ය. තේමිය ජාතකය ඊට හොඳම උදාහරණයක් ලෙස දැක්වීමට පුළුවන. ඒ ඒ පුද්ගලයාගේ මනෝභාවයන් අනුව තම පවුල් ජීවිතය දිව්‍ය ලෝකයක් හෝ අපායක් වනු ඇත.


පොසොන්
අව අටවක

ජූලි 01 බ්‍රහස් අ.භා 14.01 අව අටවක ලබා 02 සිකුරා අ.භා 15.28 ගෙවේ.
 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 01  

Full Moonඅමාවක

ජූලි 09

First Quarterපුර අටවක

ජූලි 17

Full Moonපසළොස්වක

ජූලි 23


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]