[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අනුබුදු මිහිඳු මාහිමියන් වැඩ විසූ මිහිඳු ගුහාව

මහා වෘක්ෂ, මහා පර්වත, හිරු, සඳු වන්දනා කරමින් ජීවත්වූ ලාංකේයයන් උතුම් වූ බුද්ධ දර්ශනයේ පහසින් නැණවත් ගුණවත් විචාරශීලී මිනිසුන් පිරිසක් බවට පත්වීමේ ආරම්භය සිදුවන්නේ මහින්දාගමනයත් සමඟ බව අප සැවොම පිළිගන්නා කරුණකි. ඒ අනුව සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේත්, ලාංකේය සංස්කෘතික ප්‍රවේණියේත් උල්පත ලෙස හඳුනා ගන්නේ මිහිඳු මාහිමියන් වැඩමකළා වූ මිහින්තලය යි. තුන්වෙනි ධර්ම සංගායනාව අවසානයේදී එයට ප්‍රධානත්වය ලබාදුන් මොග්ගලී පුත්තතිස්ස තෙරුන් සහ අනුග්‍රහය ලබාදුන් ධර්මාශෝක රජු විදේශයන්හි බුද්ධ දර්ශනය ප්‍රචළිත කිරීමට අදිටන් කරගන්නා ලදි. ඒ අනුව ලක්දිවට මිහිඳු මාහිමියන් ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේරයන් සහ භණ්ඩුක උපාසක යන පිරිස පිටත්කර එවන ලදි. එසේ මෙරටට වැඩම කළ පිරිස එකල මෙරට පාලකයා වූ දේවානම්පියතිස්ස රජුට මුණගැසෙන්නේ මිහින්තලාවේ දී ය. සොළොස්මස්ථාන අතරින් එකක් සේ සැලකෙන මිහින්තලය “අම්බස්තලය” එනම් අඹතලය යන නාමයෙන්ද හඳුන්වනු ලබන අතර තවද සෑගිරිය, චේතියගිරිය හා මිස්සක පව්ව යන නාමයන් ද භාවිත වේ.

  වෙසක් අව අටවක 

ජූනි 02 බදාදා පූ.භා 00.46 අව අටවක ලබා 03 බ්‍රහස් පූ.භා 01.13 ගෙවේ.
 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

Full Moonපසළොස්වක

ජුනි 24

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]