[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

75 වැනි විය සමරන පහළගම සෝමරතන නා හිමි

75 වැනි විය සමරන පහළගම සෝමරතන නා හිමි

ගම්පහ පහළගම විද්‍යාරවින්ද පිරිවෙන්පති, ලන්ඩන්හි තේම්ස් බෞද්ධ මහා විහාරයේ ප්‍රවර්තක, එක්සත් රාජධානියෙහි ප්‍රධාන සංඝනායක පහළගම සෝමරතන නායක ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනය උදෙසා කීර්තිමත් සේවාවක නියැළෙන බුද්ධ පුත්‍රයන් වහන්සේ නමකි.

සියනෑ කෝරලයෙහි කීර්තිය දෙස් විදෙස් වශයෙන් ව්‍යාප්ත කළ උන්වහන්සේ ප්‍රාචීන, ප්‍රතිචීන. ශාස්ත්‍රී ශික්ෂණය නොඅඩුව ලැබූ මහා යතිවරයාණන් වහන්සේ නමකි. පහළගම යටවත්ත විහාරස්ථානයේ දී උතුම් පැවිද්ද ලැබ විද්‍යාරවින්ද පිරිවෙනින් ඇරඹූ ගමන උන්වහන්සේට අන්තර්ජාතික තලයේ ශක්තිමත් ව දෙපා තබා ගැනීමට ඉවහල් වී ඇති බව පෙනේ.

ශ්‍රී ජයවර්ධනපුර සරසවිය පේරාදෙණි සරසවි යන සම්භාවනීය ශාස්ත්‍රාල මඟින් උසස් අධ්‍යාපනය ලැබූ අප නාහිමිපාණන් එතැන් පටන් අධ්‍යාපනික සංස්කෘතික ශාස්ත්‍රීය සහ අන්තර් ජාතික වශයෙන් සිදු කර තිබෙන සේවාවන් සුවිශිෂ්ට ය.

අප නාහිමිපාණන් වහන්සේ දිවියෙහි නන් ඉසව් ඔස්සේ කර තිබෙන මෙහෙය විචිත්‍ර ය. එක් පැත්තකින් උන්වහන්සේ අන්තර්ජාතික කීර්තියට පත් ධර්ම ධූතයෙක් වෙති. අනෙක් පැතිවලින් උන්වහන්සේ සුපතළ සමාජ සේවකයෙකි. සඟ නායකයෙකි. අධ්‍යාපන වේදියෙකි. ලේඛනයෙහි බොහෝ පුරෝගාමී කාර්යයන් ආරම්භ කළ පුරෝගාමියෙකි. නිරන්තරයෙන් දනට පිනට හිතැති මහා පරිත්‍යාගශීලියෙකි. සසුන්දොර එළිපෙහෙළි කරන්නට වෙර දැරූ සංඝ පීතෘවරයෙකි.

උන්වහන්සේ ආරම්භ කළ පුරෝගාමී කාර්යයන් අතර 1982 දී ලන්ඩන් තෙම්ස් බෞද්ධ විහාරය ඇරඹීම දැක්විය හැක. එක්සත් රාජධානියෙහි දෙවැනි බෞද්ධ විහාරය වූ එය උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම වෙනුවෙන් කළ මහඟු කාර්යයක් සේ අවධාරණය කළ යුතු ය. උතුම් දිවියෙහි 75 වැනි ජන්ම දිනය සමරන අප නාහිමිපාණන් වහන්සේට චිර ජීවනය නිදුක් නිරෝගි සුව ලැබේවා යෙහෙන් බොහෝ කල් දිනේවා.

 

  වෙසක් පුර පසළොස්වක 

මැයි 25 අඟහරුවාදා අපර භාග 20.29 පුර පසළොස්වක ලබා 26 බදාදා අපර භාග 16.43 ගෙවේ. බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09

First Quarterපුර අටවක

ජුනි 17

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]