Print this Article


අංගුත්තර නිකායෙන් - 14: ඒකක නිපාතය

අංගුත්තර නිකායෙන් - 14:

ඒකක නිපාතය

සූත්‍ර අංක - 54 - මෙත්තා භාවනා සූත්‍රය

මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සනක් පමණැති කාලයක් මෛත්‍රී සිත වඩාද, මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ය. ශාස්තෘන් වහන්සේගේ අවවාද අනුශාසනා රකින්නේ ය. රට වැසියන්ගේ පිණ්ඩපාතයට සුදුස්සකු වී වළඳන්නේ ය. යම් භික්ෂුවක් බහුල වශයෙන් මෛත්‍රිය වඩන්නේ ද එහිලා කවර කතා ද?

සූත්‍ර අංක - 55 - මෙත්තා මනසිකාර සූත්‍රය

මහණෙනි, ඉදින් යම් භික්ෂුවක් අසුරු සනක් පමණැති කාලයක් හෝ මෙත් සිත මෙනෙහි කෙරේද, මහණෙනි, ඒ භික්ෂුව හිස් නොවූ ධ්‍යාන ඇත්තේ ය. ශාස්තෘන් වහන්සේගේ අනුශාසනා අවවාද රකින්නේ ය. රටවැසියන් පුදන පිණ්ඩපාතයට සුදුස්සකු වී වළඳන්නේ ය. යම් භික්ෂුවක් බහුල වශයෙන් මේ මෛත්‍රිය මෙනෙහි කරන්නේ ද එයින් ලැබෙන ආනිසංස ගැන කවර කථා ද?