Print this Article


මියන්මාර රජය විසින් අග්ගමහා ග්‍රන්ථ වාචක පණ්ඩිත උපාධියෙන් සම්මානිත මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි

මියන්මාර රජය විසින් අග්ගමහා ග්‍රන්ථ වාචක පණ්ඩිත උපාධියෙන් සම්මානිත මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමි

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම හිමිපාණන් වහන්සේට 2021 වර්ෂයේ දී මියන්මාර් රජය විසින් ‘අග්ගමහා ග්‍රන්ථ වාචක පණ්ඩිත’ යන උපාධිය පිරිනැමිණ. මියන්මාරයේ සංඝ මහානායක කමිටුව විසින් රජය වෙත නිර්දේශ කිරීමෙන් පසු ජනාධිපතිතුමා විසින් පසුගිය ජනවාරි මස 04 වැනි දා ප්‍රසිද්ධ කරන ලදුව මාර්තු මස 27 වන දා නිල වශයෙන් අනුපස්ථිතියෙහි එය ප්‍රදානය කරන ලද්දේ ය. ලොව පුරා පැතිරී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් උපාධිලාභී විදේශිකයන් නොගෙන්වීමට මියන්මාර රජය තීරණය කරන ලද හෙයින් එසේ අනුපස්ථිතියෙහි හෙවත් අනභිමුඛයෙහි උපාධිය පිරිනමා තිබේ.

මහාචාර්ය මැදගම්පිටියේ විජිතධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ අග්ගමහා ග්‍රන්ථ වාචක පණ්ඩිත උපාධිය ලැබූ ඉතා ලාබාල භික්ෂූන් වහන්සේ වෙති.

දිවයිනේ සුප්‍රකට ප්‍රාචීන විද්‍යස්ථානයක් වන මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙණින් ශාස්ත්‍ර හදාළ උන්වහන්සේ

කැලණිය විශ්වවිද්‍යාලයෙන් වාග්විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ද හදාරා 2009 වර්ෂයේ දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ම ආචාර්ය උපාධිය හිමි කරගත්හ.

මහාචාර්ය විජිතධම්ම හිමිපාණන් වහන්සේ ලෝක බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත වන අතර, ලෝක ථේරවාද බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ විධායක සභිකයෙක් ද වෙති.