Print this Article


දසබලධාරී

දසබලධාරී

දසබලධාරී බාහිතපාපී
ලෝකසිවංකර අප මුනිඳා
බෝධි මූලෙ දී දස මර සේනා
බල පරදා බුදුබව ලැබුවා. . .

මනාපදායී ශාන්තිවාදී
කලණ වදන් ඇති දම් රජිඳා
දම්‍සක කරකා දම් වැසි වස්වා
අමා දියෙන් සත නැහැවූවා. . .

පරහිතකාමී පරම මහේසී
කරුණාවෙන් අග බුදු සමිඳා
පන්සාළිස් වස් බුදුකිස නිමවා
සාල වනේ දී නිවී ගියා....

බුදුගුණ රාසී සිහිකර සෑසී
පුද දී මුනි සිරිපා
වෙසක් පො‍හෝ දින වඳීනෙමු
සැදැහෙන පතමින අම නිවනා...