[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

වෙසක් සමය සරසන පහන් කූඩු

වෙසක් සමයෙහි බහුල වශයෙන් ප්‍රදර්ශනය කෙරෙන පහන් කූඩු නිර්මාණය මෙරට සැදැහැවත් ජනතාවගේ බුද්ධාලම්භන පී‍්‍රතිය,කලා රුචිය හා නිර්මාණ කෞශල්‍යය මැනවින් ප්‍රදර්ශනය කෙරෙන කලා අංගයක් ලෙස පෙන්වාදිය හැකි ය. වෙසක් පහන් කූඩුව වෙසක් සමය පිළිබිඹු කරන ප්‍රධාන සංකේතයක් බවට ද දැනට පත්ව ඇත. මෙම පහන් කූඩු නිර්මාණය කවදා ආරම්භ වූයේ දැයි, නිශ්චිත ලෙස ම පැවසීම අපහසු ය. එයට ලංකාවේ බෞද්ධ කොඩියෙහි සැලැස්ම නිර්මාණය කළ වර්ෂ 1885 තරම්ම ඉතිහාසයක් ඇතැයි, පිළිගැනීමෙහි වරදක් නොමැත. පුරාතනයේ ගොක් කොළවලින් විසිතුරු කළ රඹකැන් (කෙසෙල්) තොරණවලින් වෙසක් පොහොය ද, විහාරස්ථාන දොරකඩ ද අලංකාරවත් කෙරිණි. එයට අමතරව සිදුකළ මල් පහන් පූජාදියෙන් විහාර භූමිය ආලෝකමත් විය. ඉන් නොනැවතුණු සැදැහැවත්හු ගොක් කොළ රැහැනින් සැරසූ කෙසෙල් කොට මත විසිතුරු ලෙස පහන් දැල්වීම ආදියෙන් ජනී ජනයා ප්‍රබෝවමත් කරන්නට වූහ. මේ අනුව එකල ගොක් කොළයෙන් හා කෙසෙල් බඩයෙන් නිමවා පොල් තෙල් පහනින් ආලෝකය සපයා සැකසූ පහන් කූඩුවෙහි අනුක්‍රමික විකාශනයක් ලෙස ඉතා සිත්ගන්නා සුළු නිර්මාණාත්මක ගුණයෙන් පිරිපුන් පහන්කූඩු රට පුරා ව්‍යාප්ත වී තිබේ. අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරුම වෙනුවෙන් වෙසක් පහන් කූඩුවක් හෝ වෙනයම් වෙසක් සැරසිල්ලක් නොමැති නගරයක්, ගමක් හෝ බෞද්ධ නිවසක් සොයා ගැන්මට නො හැකි ය. නගරයේ ඉහළම ප්‍රභූවරයාගේ මන්දිරයේ සිට ඈත පිටිසර ගම් දනව්වල ජීවත්වන ගැමි ජනයාගේ නිවස දක්වා ම මෙම වෙනස එක සේ දැකිය හැකි ය.


  වෙසක් පුර අටවක 

මැයි 19 බදාදා අපර භාග 12.50 පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අපර භාග 12.23 ගෙවේ.
බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

Full Moonඅමාවක

ජුනි 09


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]