Print this Article


මුසපත්වීම

මුසපත්වීම

ගිජුවී ලොබවී වස්තුව හමුවේ
සැපය සිතා නිතරම දුක දුටුවේ
ඇලී ගැලී තිදොරින් කම් සැපයේ
කුසල් සිතට නෑ උන් දොර ඇරියේ

කම් සැප විඳිනා සසර පුරුද්දෙන්
ඇමකට හසුවූ මසුන් පරිද්දෙන්
කුසල් වඩා නොගනිති සහසුද්දෙන්
පැරදේමැ’යි සසරෙහි මර යුද්ධෙන්

“කාම වස්තූන්හි ඇලුණු, කාමයන්හි ගිජුවූ, මුසපත් වූ සත්වයෝ කුසල් අවබෝධකර නොගනිති. අටවන ලද කෙමනකට හසුවූ මසුන් මෙන් ඔවුන්ට පසුව කටුක දුක් විපාකයන්ට මුහුණදීමට ඒකාන්තයෙන් ම සිදුවේ.”
(කෝසල සංයුත්තය )