[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උතුම් වෙදැදුරාණෝ

උතුම් වෙදැදුරාණෝ

පයතපාණී යාචයෝගී
අන්තිමදේහධරෝ
ධම්මෝසධදානා සල්ලකත්ත භගවා

සේදු අත් ඇති
යැදුමට සුදුසු
අවසන් කය දරනා
කිසිවෙකුටවත් නො දෙවෙනි සැත්කම් කර
අමා ඔසුව බෙදනා
රාගාදී මුල් උදුරා දමමින්
සිත් සුවපත් කරනා
ඒ භගවත් හිමි පාද පියුම්
මම වඳීමි බැතින් පෙමිනා

හිංසා සිතිවිලි අවිහිංසාවෙනි
ඔබ සුවපත් කෙරුවේ
බැඳුම් නිසා එන
රිදුම් නසාලන
ඔසුවයි ඔබ පෙව්වේ
ව්‍යාපාදයෙ ගිනි
මෙත් දිය දහරින්
ඔබයි නිවා දැමුවේ
සිත් කෙළෙසාලන සිතිවිලි දහමින්
ඔබයි නසා දැමුවේ

ආමිසයට ගිජු සිතක් නිතර
ලෙඩ දුකට ගොදුරු වන්නේ
දහම් ඔසුව හිමි දායාදය ලද
සිත් සුවපත් වන්නේ
කුළුණු ගුණෙන් යුතු
වෙද ඇදුරාණෙනි
ලොවෙන් උතුම් වන්නේ
ඔබ ගුණ සිතනා පමණින් මා සිත
නිවී පහන් වන්නේ

   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]