[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කවරයේ කතාව

කවරයේ කතාව

සැවැත්නුවර ත්‍රිපිටකධාරි ඡත්‍රපාණී නම් අනාගාමී උපාසකයෙක් විය. ඔහු දිනක් උදය කාලයේ බුදුරජාණන් වහන්සේ වෙත ගොස් වැඳ බණ දහම් අසමින් සිටියේ ය.

එම අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ දැකීමට කෝසල රජතුමා එහි පැමිණියේ ය. මෙහි පැමිණෙන රජතුමා දැක නැඟිටිය යුතු ද නැද්දැ’යි සිතා බැලූ ඡත්‍රපාණී උපාසක “අග්‍ර රාජ වූ තථාගත බුදුරජාණන් වහන්සේ සමීපයෙහි හිඳ, මේ ප්‍රදේශයේ රජු දැක නැඟිටීම යුතු නැත. රජතුමා තරහ විය හැක, එහෙත් නො නැඟිටිමි’යි සිතා නො නැඟිට සිටියේ ය.

එම අවස්ථාවේ දී රජු උපාසක ක්‍රියාව දැක කිපී කිසිත් නොකියා බුදුරජාණන් වහන්සේ වැඳ පසෙක හිඳ ගත්තේ ය.

ඒ අවස්ථාවේ දී රජු ඡත්‍රපාණී උපාසක කෙරෙහි කිපුණු බව දැනගත් බුදුරජාණන් වහන්සේ, ඡත්‍රපාණී උපාසක පිළිබඳ තොරතුරු දේශනා කළහ. “මහරජ මේ ඡත්‍රපාණී උපාසක පණ්ඩිත ය, සත්‍යාවබෝධය කළ, ත්‍රිපිටකධර , වැඩ අවැඩ දැනීමෙහි සමත් නුවණැත්තෙකැ’යි වදාළ සේක.”

බුදුරජාණන් වහන්සේ වදාළ කරුණු ඇසූ රජුගේ සිත මෘදු වූයේ ය. ඡත්‍රපාණී උපාසක පිළිබඳ ව ඇතිවූ කෝපය දුරු විය.

   බක් අමාවක 

මැයි 10 සඳුදා අපර භාග 21.55 අමාවක ලබා 12 බදාදා පූර්ව භාග 00.29 ගෙවේ.
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මැයි 11

First Quarterපුර අටවක

මැයි 19

Full Moonපසළොස්වක

මැයි 26

Second Quarterඅව අටවක

ජුනි 02  

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]