Print this Article


ථේරගාථා

ථේරගාථා

කවරකුගේ හෝ සිත
පර්වතයක් මෙන් සිටියේ
ලෝ දහමින් නොසැලේ ද, ඇලුම් කටයුතු වස්තුවෙහි
නො ඇලේ ද,
කෝප විය යුතු තැන නොකිපේ ද,
මෙසේ යම් (ආර්ය) පුද්ගලයකුගේ සිත
වඩනා ලද නම්
ඔහු කරා
කෙසේ දුකක් පැමිණෙන්නේ ද?
මාගේ සිත
පර්වතයක් මෙන් සිටියේ
ලෝ දහමින් නො සැලෙයි.
ඇලුම් කටයුතු වස්තූන් හි
නො ඇලෙයි.
කෝප විය යුතු තැන
නො කිපෙයි.
මෙසේ මාගේ සිත වඩන ලදී. මට කෙසේ නම්
දුකක් පැමිණෙන්නේ ද?
මෙසේ... ඛිතක ස්ථවිරයන් වහන්සේ වදාළහ.

සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථමාලාවේ සිංහල කුදුගත් සඟිය
සිංහල ථේරගාථා ඇසුරිනි.