Print this Article


කර්මය

කර්මය

අප බුදුරදුන් ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මුගලන් මහ රහතන් වහන්සේ ගිජුකුළු පර්වතයෙහි දී ගව් සියයක් පමණ දිග ඇති පිඹුරකු වැනි ප්‍රේතයකු දුටුවේ ය.

ප්‍රේතයාගේ හිසෙන් ගිනි දැල් සිරුර කෙළවරට යයි. සිරුර කෙළවරින් නැඟි ගිනි දැල් හිස කරා යයි. දෙපැත්තෙන් ම නැගුණ ගිනිදැල් සිරුර මැදට යයි. මුගලන් හාමුදුරුවන් බුදුරදුන් හමු වී මේ ප්‍රේතයා ගැන විමසී ය. එය අසා සිටි භික්ෂූන් වහන්සේ මෙසේ වන්නට හේතුව විමසූහ.

බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ. මහණෙනි, මොහු කසුප් බුදුරදුන් වැඩවසන කාලයේ මිහින්තලාවේ ඉපිද සිටියේ ය. බුදුරදුන්ගේ ප්‍රධාන දායකයකු වන සුමංගල සිටුතුමන් කෙරෙහි වෛර බැඳගෙන එක් අවස්ථාවක සුමංගල සිටුතුමා සතු කුඹුරු ගිනි තියා විනාශ කළේ ය.

එක්වරක් සිටුතුමාගේ ගවයන්ගේ කකුල් කපා දැමී ය. සුමංගල සිටුතුමා කරන ලද විහාරය ගිනි දමා විනාශ කළේ ය. සත් වරක් නිවෙස ගිනි දමා විනාශ කළේ ය. ඔහු කරන ලද පාප කර්මයේ විපාක නැති බව බොහෝ අය සිතති. නමුත් කරන ලද පාප කර්මයේ විපාක පලදීම වළක්වන්නට නොහැකි අතර ම කරන ලද කුසල කර්මයේ සැප විපාක දීම වළක්වන්නට නොහැකි ය. මේ ගැන සිතා අවබෝධයෙන් කටයුතු කරන්නට කල්පනා කළ යුතු අතර වර්තමානයේ ගිහි පැවිදි බොහෝ දෙනා මේ ගැන අවධානය යොමු කළ යුතු බව අපගේ හැඟීම යි.