Print this Article


පොත් විත්ති

පොත් විත්ති

සිතිවිලි සියය

කර්තෘ: පියදස්සි හිමි

ප්‍රකාශනය: ඇම්.ඩී. ගුණසේන සහ සමාගම

කයට මෙන්ම මිනිසාගේ සිතට ද පිරිසුදු ආහාර අවශ්‍ය ය. සිතක් ලෙඩ නො කර තබා ගැනීමට ද පථ්‍ය බේත් වුවමනා ය.

ඒ සඳහා මෙම ග්‍රන්ථය මනා පිටුවහලක් වනු ඇති බව පියදස්සි හිමියෝ පවසති. කෙටි මාතෘකා සියයක් යටතේ මෙම කුඩා ග්‍රන්ථය සරලව ඔබ අතට පත්කර තිබේ.

 

 

 

 

 

****

මොහොතක් සිතන්න

කර්තෘ: සියඹලාගොඩ ධම්මින්ද හිමි

ප්‍රකාශකයෝ: කර්තෘ ප්‍රකාශයකි

වර්තමාන ලෝකය ඉතා සංකීර්ණ වේ. මිනිසුන් යන්ත්‍ර සේ ක්‍රියාත්මක ය. එවන් පසුබිමක මනස අවදි කර ගැනීම දුෂ්කර ය. දීර්ඝ දේශනාවන්ට සවන් දීමට ඇතැම් විට ඔවුන්ට කාලය ප්‍රමාණවත් නොවේ. මෙම ග්‍රන්ථය නිර්මාණ වූයේ ඒ හිඩැස පිරවීමට බව කර්තෘ හිමියෝ කියති. උපදේශ කතාන්දර අනුසාරයෙන් ඉතා කෙටියෙන් සරලව මෙම ග්‍රන්ථය ඔබ අතට පත් කිරීමට කතුවරයා සමත් වී ඇත.