Print this Article


මෙත් සිත

මෙත් සිත

පුරහඳ අහසේ එබී බලයි
සීත පවන් රැළි ගත දැවටෙයි
මාගේ මෙත් හැඟුමන් පිබිදෙයි
සැනැසෙන සිත දැහැනට සැරසෙයි

රෝ දුක් බිය මිනිසා වනසයි
අසරණ සත් වග සරණ සොයයි
ජීවිත ආශා පිපාසයන් ඔහු
දැල් වූ දෑසින් බලා සිටියි

ලොවෙහි වසන
හැම සතුන් සමයි මා ලෙස ම
සුව ම සොයයි දුකෙහි හඬයි
මා වෙනුවෙන් වට මෙත් ධාරාවෝ
වෙනසක් නැතිවම ගලා බසියි