Print this Article


පෝදා පින්කම්

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම - තරුණ සීල සමාදානය

පෙරවරු 6.00 - 7.00 සිල් සමාදන් කරවීම, අනුශාසනාව හා බුද්ධ පූජාව මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ ආචාර්ය ලග්ගල අසම හිමි, 8.00 - 9.00 භාවනාව ත්‍රිපිටකාචාර්යය මලංගම පඤ්ඤාසාර හිමි, 9.00 - 10.00 ධර්ම දේශනාව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නා හිමි, 10.00 - 11.15 පරෝපකාර සංග්‍රහය අනුශාසනාව හා බුද්ධ පූජාව ගල්කිස්සේ සෝමානන්ද හිමි, පස්වරු 12.30 - 1.00 තෙරුවන් ගුණ සජ්ඣායනය හා පිරිත් මීගොඩ මධුභාණි හිමි, 1.00 - 2.00 ධර්ම සාකච්ඡාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පානදුරේ පසන්න හිමි, 2.00 - 3.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත සියඹලාගොඩ ධම්මින්ද හිමි, 3.00 - 4.00 ගිහි දෙසුම මහාචාර්ය රවී කොග්ගලගේ මහතා, 4.15 - 5.00 ධම්ම පදය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගබ්බෙල වජිර හිමි, 5.00 - 6.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී හිඟුරේ පඤ්ඤාසේකර හිමි, 6.00 - 7.00 බෝධි පූජාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි.

****

හම්බන්තොට සිංහගිරි විහාරය

බක්පුර පොහොය පින්කම් ශාස්ත්‍රපති විතාරන්දෙණියේ වජිර හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ. උදේ 7.00 කිරි ආහාර පූජාව හා අනුශාසනාව සාමෝදාගම රතනසිරි හිමි, 8.00 ධර්ම දේශනාව විතාරන්දෙණියේ වජිර හිමි, 9.00 ධර්ම සාකච්ඡාව ඩබ්ලිව්.ඒ. විජේදාස මහතා 10.00 භාවනාව රන්නේ අමාධාර හිමි, 11.00 බුද්ධ පූජාව සූරියවැව නන්ද හිමි, 2.00 ට කවි බණ සූරියවැව රාහුල හිමි, 3.00 ට විශේෂ දේශනය ඩබ්. වෙත්තසිංහ මහතා, 4.00 බුදුගුණ කවි, නුගේකන්දේ මංගල හිමි, 6.00 අටවිසු බෝධි පූජාව සූරියවැව සුවිනීත හිමි.

****

දේවාලේගම පුස්සැල්ල අභිනවාරාමය

දේවාලේගම පුස්සැල්ල අභිනවාරාම විහාරස්ථානයේ අඩුපාඩුවක්ව පැවති විහාරස්ථානයට පැමිණීමට තිබූ පඩිපෙළ වෙනුවට පාරක් සාදා ගැනීම, නව සංඝාවාසයක් ඉදි කිරීම, දෙමහල් බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, වැසිකිලි පද්ධතියයක් (පොදු) ඉදි කිරීම සිදු කළ අතර, ගරා වැටෙමින් තිබූ බෝධි ප්‍රාකාරය සුරක්ෂිත කරමින් නව අටවිසි බුදු මැදුර සහිත බෝධි ඝරයක් ඉදි කිරීම පුස්සැල්ල විහාරස්ථානයේ සංවර්ධන කටයුතුවලින් සමහරකි. අටවිසි බුදු මැදුර සහිත දර්ශනීය බෝධිඝරය මැයි 02 වැනිදා මුරුතවල ගුණරතන නාහිමියන්ගේ සුරතින් විවෘත කිරීමට නියමිතය. මැයි 02 වැනිදා සිට අටවිසි පූජා පින්කම් පවත්වා මහා සඟසතු දානයක් ද දීමට සංවිධානය කර ඇත.

****

සිරි වජිරඤාණ ධර්මායතනය - මහරගම වැඩිහිටි සීල සමාදානය

පෙරවරු 6.00-7.00 සිල් සමාදන් කරවීම සහ බුද්ධ පූජාව, ත්‍රිපිටකාචාර්ය මලංගම පඤ්ඤාසේකර හිමි 8.00-9.00 භාවනාව - ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හක්මණ සුමනසිරි හිමි 9.00-10.00 ධර්ම දේශනාව - දර්ශනපති පණ්ඩිත උලහිටියාවේ විභාවි හිමි, 10.00-11.00

ධර්ම දේශනාව - ශාස්ත්‍රවේදී මාලේවන ධම්මවිජය හිමි, 11.00-11.15 බුද්ධ පූජාව - පූජ්‍ය ගලහිටියේ නාගිත හිමි, ඕපනායක ධම්මවිරාග හිමි, 12.20-1.00 පිරිත් හා තෙරුවන් ගුණ- මීගොඩ මධුභානී හිමි, තලවතුගොඩ විමලධම්ම හිමි, පස්වරු 1.00-2.00 ධර්ම සාකච්ඡාව - ධර්මාචාර්ය ගල්කිස්සේ සෝමානන්ද හිමි, 2.00-3.00 ධර්ම දේශනාව - දර්ශනපති වල්ගම සුමන හිමි, ප.ව. 3.00-3.45 ධර්ම දේශනාව- ශාස්ත්‍රපති පණ්ඩිත රණස්ගල්ලේ ඥාණවීර හිමි. 4.00-5.00 ධර්ම දේශනාව- ශාස්ත්‍රපති පණ්ඩිත වැලිගෙපොල ශීලවංස හිමි, 5.00-6.00 ධම්ම පදය- ශාස්ත්‍රපති පණ්ඩිත හිඟුරක්ගොඩ විභාව හිමි, 6.00-6.30 බෝධි පූජාව සහ සිල් අලුත් කිරීම, - රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති හක්මන සුමනසිරි හිමි.

****

රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානය

අලුයම 5.00 ට ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා ප්‍රණීත කිරි ආහාර පාත්‍ර 32 ක් පූජා කිරීම, උදෑසන 6.00 ට අෂ්ඨාංග උපෝසථ සීලයෙහි පිහිටුවීම හා අනුශාසනාව විහාරාධිපති සීදුවේ සුමනවංශ නාහිමි, උදෑසන 6.45 ට ආහාර බුද්ධ පූජාව හා තෙරුවන් වන්දනාව, පෙරවරු 8.00 සිට 9.00 දක්වා ධර්ම දේශනාව ගෞරව ශාස්ත්‍රවේදී මීවැල්ලාවේ පඤ්ඤාරංසි තිස්ස හිමි, 9.00 සිට 10.45 දක්වා ධර්ම සාකච්ඡාව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අශෝක් පි‍්‍රයදර්ශන මහතා, ධර්මාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී ඒ.එන්. ඉන්ද්‍රසේකර මහතා, ශාස්ත්‍රපති නීල් ධර්මපි‍්‍රය බණ්ඩාර මහතා, ධර්මාචාර්ය කේ.ඒ.එස්.ආර්. දයානන්ද මහතා, 10.45 ට ව්‍යාංජන, පලතුරු, කැවිලි වර්ග 32 ක් ඇතුළු ශ්‍රී දළදා වහන්සේ, අටවිසි බුදුරජාණන් වහන්සේලා උදෙසා මුල් තැන් බුද්ධ පූජා කිරීම, පස්වරු 12.00 සිට 12.30 සක්මන් භාවනාව, 01.30 සිට 02.30 ජාතක ධර්ම දේශනාව, 3.00 සිට 4.00 ධර්ම දේශනාව ශාස්ත්‍රවේදී දුටුවැව විමලඥාණ හිමි, 4.00 සිට 5.00 ධර්ම දේශනාව ශාස්ත්‍රපති ඇල්ලේ ඉන්ද්‍රජෝති හිමි, අටවිසි බුද්ධ පූජාව සහිත පහන් පූජා, බෝධි පූජා පින්කම පැවැත්වේ.

****

ශ්‍රී කල්‍යාණී රාජමහා විහාරය

පෙරවරු 6.00 - 6.30 සීල සමාදානය සහ 6.30 - 7.00 උදෑසන බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රවේදී රන්දිලිගම මහින්ද හිමි, 8.00 - 9.00 භාවනාව ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 9.00 - 10.00 පෙරවරු ධර්ම දේශනාව බොරැල්ලේ අතුල හිමි, 10.00 - 11.00 ධම්ම පදයෙන් බිඳක් මාලඹේ අශෝකාරාම විහාරවාසී, ආචාර්ය ශාස්ත්‍රවේදී කැලණියේ ශාසනවංශ හිමි, 11.00 - 11.30 දිවා බුද්ධ පූජාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරවාසී, විචිත්‍රභාණක ගොඩපොල නන්ද හිමි, පස්වරු 2.00 - 3.00 විශේෂඥ වෛද්‍ය දේශනය, 3.00 - 4.00 පස්වරු ධර්ම දේශනාව කරවිල කොටුවේ ධම්මතිලක හිමි, 4.00 - 5.00 පස්වරු ධර්ම දේශනාව කහගොල්ලේ සෝමවංශ හිමි, 5.00 - 6.00 භාවනාව මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි, 6.00 - 7.00 ගිලන්පස බුද්ධ පූජාව කැලණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය දෙනියායේ පඤ්ඤාලෝක බුද්ධරක්ඛිත හිමි, 7.00 - 8.00 සන්ධ්‍යා ධර්ම දේශනාව කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමි.