Print this Article


සම්මාන ආචාර්ය උපාධියෙන් උපහාර පිදෙයි

සම්මාන ආචාර්ය උපාධියෙන් උපහාර පිදෙයි

‘බුදුසරණ’ පත්‍රයට ප්‍රහේළිකා සම්පාදනය කරන විද්වතකු වන කේ.එල්.ඒ. රණසිංහ මහතාට ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලය මඟින් සම්මාන ආචාර්ය උපාධියක් පිරිනැමීමෙන් උපහාර දක්වා තිබේ.

තලවතුගොඩ සුධර්මාරාමයෙහි සමීපතම දායකයකු ලෙස බෞද්ධාගමික කටයුතුවල යෙදෙන ඒ මහතාගේ ශාසනික සේවය ඇගයීම පිණිස, උඩරට අමරපුර මහා නිකායේ බස්නාහිර පළාත් ප්‍රාදේශීය සංඝ සභාවෙන් පිරිනමන “බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ධර්මාභිමානී” යන ගෞරව නාමයෙන් ද එතුමා මීට ඉහතදී සම්මාන ලබා ඇත.

එවකට ලංකා විශ්ව විද්‍යාලයෙහි භෞතීය විද්‍යා උපාධිධරයකු වන රණසිංහ මහතා විද්‍යාත්මක විෂයය ලේඛකයෙක් ද වෙයි. රාජ්‍ය සේවකයකු වශයෙන් ද දීර්ඝ කාලීන සේවයක් ඉටුකළ එතුමා වසර හතක් ශ්‍රී ලංකාවේ සර්වෙයර් ජනරාල් (මිනුම්පති) තනතුර දැරීමෙන් අනතුරුව විශ්‍රාම ලබා දැනට ද ඵලදායී ධර්ම ශාස්ත්‍රීය සේවාවන්හි නියුක්තව සිටියි.

එක්සත් රාජධානියෙන් භූ විඥාපන (මැනුම් සහ සිතියම්) වෘත්තීය සුදුසුකම් ලබා ඇති එතුමාගෙන් පසුගිය දශක කිහිපය තුළ එම විෂයයට සිදු වී ඇති විශිෂ්ට සේවාවක් ඇගයීම් වස් ‘විද්‍යාශූරී උපාධිය’ පසුගිය මාර්තු 10 වැනිදා බෙලිහුල්ඔය විශ්ව විද්‍යාලය පරිශ්‍රයෙහි පැවැති උපාධි ප්‍රදානෝත්සවයට සම්මාන ආරාධිතයා ලෙස සහභාගි වූ ඒ මහතාට ප්‍රදානය කර ඇත.