Print this Article


බුදු පුතුනි

බුදු පුතුනි

බඩගිනි කියාගෙන ගෙට එන හැම රෑම
මගෙ පොඩි පුතා කුස ගින්නේ ඇති තාම
හිත ගිනි ගන්නවා බත්පත දුටුවා ම
ඔබ සැතපුණාදෝ අහරක් නැතුවා ම

දුටු දුටු දේම ඉල්ලන පොඩි කාලේ ම
අප අත හැර ගියා සිත දුක නැතුවා ම
ආයෙත් ගෙදර එන්නැයි මම කීවා ම
සිවුරට මුවා විය ලොකු සමිඳුන්ගේ ම

මා දරු සෙනෙහෙ පිදුවා බුදු සසුන වෙත
ඒ බව දනිමි පුත ඔබ නම් තනිව නැත
සෝගිනි නිවා දමනා විට සැමගේ සිත
බෝ මව්පියෝ පුතුනේ ඔබ රකිනු ඇත