Print this Article


තලාව පිරිවෙනට අනුරාධපුර සදහම් සෙවණෙන් පුස්තකාල පොත්

තලාව පිරිවෙනට අනුරාධපුර සදහම් සෙවණෙන් පුස්තකාල පොත්

අනුරාධපුර, වේළුවනගම සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානය මඟින් ක්‍රියාත්මක කැරෙන අනුරාධපුර දිස්ත්‍රික් පිරිවෙන් පුස්තකාල සංවර්ධන වැඩ පිළිවෙළේ සිව්වැනි අදියර පසුගිය දා ඇරැඹිණි.

මෙහි දී තලාව ශ්‍රී ඥානෝදය මහ පිරිවෙනේ පුස්තකාලය සඳහා අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලික මහතාගේ විසින් පුස්තකාල පොත් කට්ටලයක් ප්‍රදානය කරන ලදී. තලාව ශ්‍රී ඥානෝදය මහ පිරිවෙනේ පරිවෙණාධ්‍යක්ෂක, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මැණික්හින්නේ ධීරානන්ද නාහිමියන් එම පරිත්‍යාගය භාර ගත්හ.