Print this Article


සීදුව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරයේ හිසතෙල් ගැල්වීමේ උත්සවය 17 සෙනසුරාදා

සීදුව - රද්දොළුව ශ්‍රී අමර මහා විහාරයේ හිසතෙල් ගැල්වීමේ උත්සවය 17 සෙනසුරාදා

2021 වර්ෂයේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ හිසතෙල් ගැල්වීම සීදුව රද්දොළුව ශ්‍රී අමර මහා විහාරස්ථානයේ අපේ‍්‍රල් මස 17 වෙනි සෙනසුරාදා පෙරවරු 7.16 ට යෙදී ඇති සුබමොහොතින් විහාරාධිපති පණ්ඩිත ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස නා හිමියන්ගේ මෙහෙයවීමෙන් විහාරස්ථානයේ දී පැවැත්වේ. මෙම හිසතෙල් ගැල්වීමේ මහෝත්සවය සියලු සෞඛ්‍ය උපදෙස් පරිදි පවත්වන අතර, කොරෝනා වසංගතය අප රට තුළින් දුරුවී සැමට නිරෝගී සුවය උදාවී සෙත ශාන්තිය, සාමය, සමගිය දිගාසිරි සැලසේවායි ප්‍රාර්ථනා කිරීම පරම අභිලාෂය වේ.