ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස 
අලුත් සහල් මංගල්‍යයෙන්...
  
 
 
 
 
 
 
 
ගොවි ජනතාව වෙහෙසී නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් කොටස බුදුරජාණන් වහන්සේ වෙත පූජා 
කිරීමේ වාර්ෂික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ 
ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස දී පසු ගිය දා 
පැවැත්වුණි.  
 අස්වැන්නෙහි අග්‍ර භාගය බුදුරජාණන් වහන්සේ උදෙසා වෙන් කිරීම සාම්ප්‍රදායිකව සිදු 
කරගෙන එන වාර්ෂික චාරිත්‍රයකි. 54 වැනි වරටත් පැවැත් වූ ජාතික අලුත් සහල් මංගල්‍යය 
අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම 
අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර තිබිණි. 
 
පුරාණ චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යය පෙරහර, හේවිසි , සක් නාද මධ්‍යයේ 
නැඟෙනහිර වාහල්කඩින් බෝ මලුවට පිවිස පල්ලේගම සිරිනිවාස නා හිමියන් වහන්සේ ප්‍රමුඛ 
මහ සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ජනාධිපතිතුමා , මැති ඇමැතිවරු ඇතුළු 
නන්දෙසින් පැමිණි ගොවි ජනතාව විසින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියස වූ පීඨිකාවේ 
ස්ථාපිත රන් ආලේපිත පාත්‍රයට අලුත් සහල් පිරවීමේ චාරිත්‍රය ඉටු කළහ. 
අලුත් සහල් මංගල්‍යයට සමගාමීව ආදි වාසි ජනතාව සාම්ප්‍රදායිකව ජය ශ්‍රී මහා බෝධීන් 
වහන්සේට පූජා කෙරෙන මී පැණි බඳුන් වැදි නායක වන්නිල ඇත්තන් වෙනුවෙන් නියෝජ්‍ය නායක 
ඌරුවරිගේ ගුණබණ්ඩා විසින් ජනාධිපතිතුමා වෙත භාර කරනු ලැබීය.  
පළාත් 9 නියෝජනය කරමින් පැමිණ සිටි ගොවි සමිති නියෝජිතයන්ට , භික්ෂූන් වහන්සේ 
පිරිත් සජ්ඣායනා කොට බලගන්වන ලද බිත්තර වී බෙදා දීම ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව 
සිදු කෙරිණි.  
මහා සංඝරත්නය, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ , අමාත්‍ය 
එස්.එම්.චන්ද්‍රසේන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් , රාජ්‍ය අමාත්‍යවරුන් 
වන දුමින්ද දිසානායක, ශෂීන්ද්‍ර රාජපක්ෂ, ශෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, 
පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී. එස්. කුමාරසිරි යන මහත්වරු , රාජ්‍ය නිලධාරීහු සහ 
ගොවි ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.  |