Print this Article


ඒකක නිපාතය - අංගුත්තර නිකායෙන් 7

ඒකක නිපාතය

අංගුත්තර නිකායෙන් 7

අදන්ත වර්ගය (නොදැමුණු)

සූත්‍ර අංක 31 නොදැමුණු සිත (අදන්ත චිත්ත සූත්‍රය) 1 - 4-1

මහණෙනි, යමක් මෙසේ නොදැමුනේ, මහත් අනර්ථය පිණිස පවත්නේ නම් සිත බඳු අන් එක ධර්මයකුදු මම, මගේ නුවණැසින් නොදකිමි. මහණෙනි, නොදැමුණු සිත මහත් වූ අනර්ථය පිණිස පවතී.

 

සූත්‍ර අංක 32 දැමුණු සිත (දන්ත චිත්ත සූත්‍රය) 1.4.2

මහණෙනි, යමක් මෙසේ දැමුනේ (දඟනැත්තේ) මහත්වූ අර්ථය පිණිස පවත්නේ නම් සිත බඳු අන් එක ධර්මයකුදු මම, මගේ නුවණැසින් නොදකිමි. මහණෙනි, දැමුණු සිත මහත් අර්ථය පිණිස පවතී.

 

සූත්‍ර අංක 33 සිහියෙන් රැකබලා නොගත් සිත (අගුත්ත චිත්ත සූත්‍රය) 1.4.3

මහණෙනි, යමක් මෙසේ (සති සංවරයෙන්) රැක බලා ගැනීම නොකරන ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම මගේ නුවණැසින් නොදකිමි. මහණෙනි, රැකබලා නොගත් සිත මහත්වූ අනර්ථය පිණිස පවත්නේ ය.

 

සූත්‍ර අංක 34 සිහියෙන් රැකබලා ගත් සිත ගුත්ත චිත්ත සූත්‍රය 1.4.4

මහණෙනි, යමක් මෙසේ සිහියෙන් රැකීම කරන ලද්දේ, මහත්වූ අර්ථය පිණිස පවත්නේ නම් සිත බඳු අන් එක ධර්මයකුදු මම, මගේ නුවණැසින් නොදකිමි. මහණෙනි, ගෝපිත වූ සිත මහත් අර්ථය පිණිස පවත්නේ ය.

 

සූත්‍ර අංක 35 නොරැකුණු සිත අරක්ඛිත චිත්ත සූත්‍රය 1.4.5

මහණෙනි,යමක් මෙසේ නොරක්නා ලද්දේ මහත්වූ අනර්ථය පිණිස පවත්නේ නම් , සිත බඳු අන් එක ධර්මයකුදු මම, මගේ නුවණැසින් නොදකිමි. මහණෙනි, නොරැකුණු සිත මහත්වූ අනර්ථය පිණිස පවත්නේ ය.

 

සූත්‍ර අංක 36 රැකුණු සිත රක්ඛිතචිත්ත සූත්‍රය 1.4.6

මහණෙනි, යමක් මෙසේ රක්නා ලද්දේ මහත්වූ අර්ථය පිණිස පවත්නේ නම්, සිත බඳු අන් එක ධර්මයකුදු මම, මගේ නුවණැසින් නොදකිමි. මහණෙනි, , රැකුණු සිත මහත්වූ අර්ථය පිණිස පවත්නේ ය.