Print this Article


පොත් විත්ති

පොත් විත්ති

සතර කමටහන් භාවනා විධි හා අසිරිමත් මල් පූජාව

බුද්ධානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති නම් සතර කමටහන් සතර ආකාර ආරක්ෂාවන් ලෙස ද සඳහන් වේ. බුද්ධ කාලයේ සිට ම යෝගාවචර භික්ෂූන් වහන්සේලා විසින් දිනපතා උදේ සවස යථෝක්ත සතර කමටහන් භාවනා ක්‍රම සතර සජ්ඣායනා කර තිබේ.

ප්‍රායෝගිකව භාවනාව වැඩීමට අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා සරලව ඉදිරිපත් කරන කරණු ඇතුළත් මෙම කෘතිය ගිහි පැවිදි ඕනෑම අයකුට පහසුවෙන් පරිශීලනය කළ හැකි ඉතා අගනා භාවනා අත් පොතකි.

සිත පහදවා සිදු කරන උතුම් වූ මල් පූජාවෙහි මහත්ඵල මහානිසංසත් දස අකුසලයෙන් මිදුණ සිතක හටගන්නා නිරාමිස පී‍්‍රතියත් කැටි කරගත් අසරිමත් මල් පුජාව නම් කෘතිය දිවි මඟ එකලු කරන ප්‍රදීපාලෝකයකි. මහාචාර්ය උතුරාවල ධම්මරතන හිමියන්ගේ සම්පාදනයෙන් සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සමාගමේ මුද්‍රණදායකත්වයෙන් “සතර කමටහන් භාවනා විධි“ හා “අසිරිමත් මල් පූජාව“ නම් වූ ග්‍රන්ථ එළි දක්වා ඇත.

 

 

 


 

****

දහම් දැනුමට අත්වැලක්

පාසල් සහ දහම් පාසල් විෂය නිර්දේශයන්හි අන්තර්ගත දහම් කරුණු නිරවුල්ව, සරලව ඉදිරිපත් කරන“දහම් දැනුමට අත්වැලක්“ යනුවෙන් පොරවගම නාලක හිමියන් විසින් සම්පාදනය කර සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සමාගම විසින් මුද්‍රණය කළ මෙම ග්‍රන්ථය බුදුදහම හදාරනු කැමති සෑම අයකුට ම ඉතා වැදගත්වන්නකි.