Print this Article


යළි පිබිදෙන කූරගල පුදබිමට එන්න

යළි පිබිදෙන කූරගල පුදබිමට එන්න

බෞද්ධාගමික ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති පුදබිම් වලට අන්තවාදීන්ගේ දැඩි බලපෑම් එල්ලවීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලය පුරා වාර්ථා වුණි. දෙවනගල , මුහුදුමහා විහරය , විජිතපුර ආදී එවැනි පුදබිම් අතරට කූරගල පුරාවිද්‍යා භූමියද ඇතුළත් ය. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ව පැවැති කූරගල පුදබිම පිහිටා තිබෙන්නේ බළන්ගොඩ - කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කනුව පසු කරනවාත් සමඟ තන්ජන්තැන්න ග්‍රාමයේ ආරම්භයත් සමඟ ම දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 03 පමණ දුරකිනි .


කූරගල කඳු මුදුනේ ඇති චෛත්‍යය

අතීතයේ තණ්ඩු ලෙය්‍යක පබ්බත , දත්ත ශෛල පබ්බත , යන නම්වලින් ව්‍යවහාර වූ මේ පුදබිම පසුකාලීන ව කූරගල නම් විය .වර්තමානයේ කූරගල නමින් වන මේ පුණ්‍ය භූමීයේ බෞද්ධ උරුමය අන්තවාදී පිරිස්වල ක්‍රියා කාරකම් නිසා බෞද්ධයන්ට අහිමි වෙමින් පැවතුණි .

ඉපැරණි බෞද්ධ ස්තූප ආදිය විනාශ කර තිබෙන අතර, ඈත අතීතයේ මහරහතන් වහන්සේ ගේ පාදශ්පර්ශයෙන් පූජනීයත්වයට පත් වූ බිම , උන්වහන්සේ බවුන් වැඩු බිම , අන්තවාදී ග්‍රහණයට හසුව සත්ත්ව බිලි පුජා පවත්වන තැනක් බවට පත් කර ඇත . මෙසේ අන්තවාදී පිරිස්වල ග්‍රහණයට හසුව ඇති කූරගල පුරාවිදු බිම මුදා ගෙන එය සමස්ත ශ්‍රී ලාංකේයයන්ගේම උරුමයක් බවට උරුම කර දීමේ අභියෝගය බාර ගන්නට නෙල්ලිගල නායක හාමුදුරුවන් වහන්සේ , වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් වහන්සේ ඉදිරිපත් ව සිටිති.

'යළි පිබිදෙන කූරගල ' නමින් කූරගල සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට කටයුතු කළ බව උන්වහන්සේ පවසති . ඒ පුරාවිද්‍යා භූමීයට කිසිදු හානියන් නොවන ලෙසිනි .

ඒ අනුව කූරගල පුරාවිද්‍යා භූමිය ආරක්ෂා වන ලෙසින් අඩි 100 ක් උස මහ සෑයක් ' අස දිසි ශාක්‍ය සුගත මහා සෑය ' නමින් ඉදි කොට බෞද්ධ පින්වතුන්ගේ වන්දනා මානයට දායාද කරදෙන බව උන්වහන්සේ පවසති . එම සෑ රදුන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය හෙවත් චෛත්‍යය රාජයාණන් වහන්සේට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය මේ මස 28 වැනිදාට යෙදෙන මැදින් පසළොස්වක පුන් පොහෝ දින පස්වරු 4 ට සිදුකිරීමට නියමිත ය .


කඳු මුදුනට ඉදිකර ඇති පියගැට පෙළක්


වතුරකුඹුරේ ධම්මරතන හිමි
 (නෙල්ලිගල නායක හාමුදුරුවෝ)

එදින උදෑසන දහස් ගණනක් වූ උපාසක උපාසිකාවන් පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව කූරගල පුදබිමේ සීල සමාදානයට සහභාගි වන අතර , සිල් සමාදන්වන උපාසක උපාසිකාවන්ට අවශ්‍ය දානමාන ද පිරිනැමීමට නියමිත ය .පෝදා රාත්‍රි 7 සිට රාත්‍රි 9 දක්වා බළන්ගොඩ රාධ ස්වාමීන් වහන්සේගේ විශේෂ ධර්ම දේශනාවක් ද පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත .

කූරගල පින්බිමේ සිදු කෙරෙන මේ මහා පින්කම සඳහා මුද්‍රිත මාධ්‍ය දායකත්වය දරනු ලබන්නේ බුදුසරණ , සිළුමිණ , දිනමිණ ඇතුළු පුවත්පත් අනුග්‍රහයෙන් ලේක්හවුස් ආයතනය විසිනි .

කූරගල අසදිසි ශක්‍ය සුගත මහා සෑය 2022 වසරේ පෙබරවාරි මස 4 වැනිදාට යෙදෙන නිදහස් දිනයේ දී බොදු ජනයාගේ වන්දනාමානය වෙනුවෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවද වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසති .

කූරගල පුදබිම සම්බන්ධයෙන් කළ හැකි සියලු උපකාර හෝ ශ්‍රම දායකත්වය ගැන සියලු විස්තර දුරකතන අංක 0117373731 / 0117373730 හෝ 0761737373 ( අමිල ) මඟින් විමසීම් කළ හැකි ය .

ඉදීකිරීම් සඳහා අවශ්‍ය ගල් , වැලි , සිමෙන්ති ඇතුළු ඕනෑම භාණ්ඩයක් ඒ සඳහා පරිත්‍යාග කළ හැකි අතර , මූල්‍ය ආධාර ද ලබා දිය හැකි ය . මූල්‍ය ආධාර කූරගල රජමහා විහාරය නමින් බළන්ගොඩ සම්පත් බැංකු ශාඛාවේ අරඹා ඇති ගිණුම් අංක 009760006000 වෙත යොමු කළ හැකි ය.

 

අන්තවාදීන් විසින් තීන්ත ආලේප කර වසා දමා ඇති සෙල්ලිපිය

 

සේයාරූ - චේනක වික්‍රමාරච්චි