Print this Article


බුදු පුතුන් වැඩි මඟ...

බුදු පුතුන් වැඩි මඟ...

(මහානායක මාහිමි පදවි ප්‍රාප්තිය නිමිත්තෙනි)

මා පිය නෑ මිතුරු
හැම බැඳුම් හා ඇසුරු
විහඟ ගී නඳ සමග
පිටිසර ඇල් පවන් සුව
රැලි නඟන වැව් දිය
ඇළ දොළ ගැලූ ගී රාව
වන සතුන් වන වදුලු
මතකයට කූඩු කර
නොවිඳ ළමා විය
නොදරා
යොවුන් විය මිණි කිරුළ
පැහැදී පැවිදි කමට
සමු දී ගිහි සැපට
පිරූ පෙරුමන් විලස
පිවිසි බුදු පුතුන් වැඩි මඟ
දැන උගෙන බණ දහම් විවරණ
නිකායට සසුනට ලෝ සතට සුව සදන
මහනායක පදවි පත්වුණ
මකුලෑවේ විමල හිමි සඳ
නිසාවෙන් බැබළෙයි,
මුළු මහත් නිකායම
සසුනම
ඉතින් අවසරයි
නැමද පා යුග
තුන් හිතින් පතන්නට
ලද උතුම් පදවිය දරා
වැඩ වෙසෙන්නට
නිදුකින් නීරෝගයෙන්
දිගු කාලයක් තව !