Print this Article


රන්වැට සහ අටවිසි බුද්ධ මන්දිරය විවෘත වූ දා

රන්වැට සහ අටවිසි බුද්ධ මන්දිරය විවෘත වූ දා

අම්පාර දිස්ත්‍රික්කයේ හිඟුරාණ කීනවත්ත ශ්‍රී බෝධිමළු විහාරස්ථානය ආරම්භ කර දශක හතරකට පමණ පසු විහාරස්ථානයට අඩුපාඩුවක්ව තිබූ අටවිසි බුද්ධ මන්දිර සහිත බෝධි ප්‍රාකාරයක් ඉදිකර දෙන ලෙස හිඟුරාණ කීනවත්ත ශ්‍රී බෝධිමළු විහාරාධිපති ඇතිමලේ ආනන්ද නා හිමියන් විසින් කොළඹ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බොරලන්දේ වජිරඤාන නා හිමියන්ගෙන් කළ ඉල්ලීමකට අනුව බෞද්ධයා මාධ්‍ය ජාලය මගින් ඉදිකරදුන් රන්වැට සහිත බෝධි ප්‍රාකාරය බෞද්ධ ජනතාව වෙනුවෙන් විවෘත කිරීම පසුගිය දා සිදු කෙරිණි. මෙම රන්වැට සහිත අටවිසි බුද්ධ මන්දිර සහිත බෝධි ප්‍රකාරය අපවත්වී වදාළ දරණාගම කුසලධම්ම නා හිමියන්ගේ තෙවර්ෂ පූර්ණ පින්කම වෙනුවෙන් සිදු කෙරිණි.