Print this Article


මල් පිපෙන සදහම් අරණ

බෝසතාණන් වහන්සේ දුටු සිහින

බෝසතාණන් වහන්සේට මහපොළව යහනක් විය. හිමාල පර්වතය එහි කොට්ටය විය. එම යහනෙහි නිදා සිටි උන්වහන්සේගේ දකුණත අපරදිග මහ සයුර මත ද, වමත පෙරදිග මහ සයුර මත ද, දෙපා දකුණ සයුර මත ද පිහිටියේ ය. බෝසතාණන් වහන්සේගේ නාභියෙන් රන් පැහැති ඊතණ ගසක් පැන නැඟී අහස් කුස පුරා පැතිර ගියේ ය. කලු පැහැති හිස් ඇති, සුදු පැහැති පණුවෝ බෝසතාණන්ගේ දෙපා වෙතින් පැන නැඟී දණහිස දක්වා වසා පැතිර සිටියහ. විවිධ පැහැති ලිහිණියෝ සතර දෙනෙක් සතර දෙසින් පියඹා ආහ. එසේ පැමිණ උන්වහන්සේගේ දෙපා ළඟ වැටී සුදුපාට වූහ. බෝසතාණෝ මහා අසූචි පර්වතයක් මත අසූචියෙහි නො ගෑ වී ඒ මත සක්මන් කළහ.

****

අම්මාගේ පැතුම

නැතිමුත් කිසිවකුත් තම දුක කියන්නට
හැකිනම් සමිඳ ඒ මහ දුක නසන්නට
ලොවට වැඩ පිණිස සසුනට පුදන්නට
ඇත්ද පුතේ මා කොතරම් හඬන්නට

බුදු හිමි පිහිට පොඩි සමිඳුට සැලසේවා
දම් රස අරුත හිමි සඳ වෙත වැටහේවා
පින්නැති වුව ද දැකුමට පුත වැජඹේවා
පින්වත් සමිඳු පොඩි සසුනෙහි බැබළේවා

****

ඇරයුමක්

සුන්දර ළමා ලොව තුළ බැබළී ඉන්න
ඉපදුණ ලෝකයට මුදු එළියක් වෙන්න
හොඳ ගුණ දහම් නිති සිත තුළ රැක ගන්න
නගේ මලේ දම් පාසල වෙත එන්න

****

ගසට ගසක්

මහ වනය කපා නොදමන්න
කැපූ ගසට ගසක් සිටුවන්න
පොඩි අපේ අනාගතය සුරකින්න
කඳු වැටි කපා නොදමන්න
මහ පොළොව විනාශ නොකරන්න
සතා සිවුපා නොමරන්න
පුංචි අපගේ අනාගතය සුරකින්න