Print this Article


දෙල්දූව ගනේවත්ත පුරාණ රාජමහා විහාරය

දෙල්දූව ගනේවත්ත පුරාණ රාජමහා විහාරය

කළුතර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාද්දුව, දෙල්දූව ගනේවත්ත පුරාණ රජමහා විහාරස්ථානය මනරම් බෞද්ධ පින්බිමකි.

එහි වැඩවසන විහාරාධිකාරි ශාස්ත්‍රපති, රාජකීය , පණ්ඩිත කිතලගම නන්දසාර හිමියන්ගේ අප්‍රමාණ උත්සාහය හා දැඩි කැපකිරීම් මැද්දේ එම විහාරස්ථානය විශාල සංවර්ධනයකට පත්ව ඇත.

විහාරාධිකාරි කිතලගම නන්දසාර හිමි විසින් සසුන් කෙත පෝෂණය කිරීම සඳහා කුල දරුවන් සසුන්ගත කරනු ලැබීම ද මහඟු පින්කමකි.

එසේ පැවිදි කර ඇති කුලදරුවන් ගණන 100 කට ආසන්න වන අතර දැනට විහාරස්ථානයේ වැඩ සිටින නේවාසික කුඩා සාමණේරවරුන් හා උපසපන් භික්ෂූන් වහන්සේලා ගණන 77 නමකි.

විහාරාධිකාරි හිමියන් පවසන පරිදි කුලදරුවන් 100 දෙනකු සසුන් ගත කරවා අවසන් වූ පසුව, එම විහාරස්ථානය පිරිවෙනක් හා භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පරිවර්තනය කොට සංවර්ධනය කොට විශාල ශාසනික සේවාවක් ආරම්භ කිරීම උන්වහන්සේගේ අරමුණ වී ඇත.