Print this Article


සංඝ සභා මූලස්ථානයට මුල්ගල තබයි

සංඝ සභා මූලස්ථානයට මුල්ගල තබයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයීය සංඝ සභා මූලස්ථාන ගොඩනැඟිල්ලට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පසුගිය 28 දින වැලිතර පුෂ්පාරාම විහාරස්ථානයේදී මුල්ගල් තබන ලදී. මෙහිදී “ඤාණතිලක ප්‍රභා” සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයේ මහානායක, ශී‍්‍ර ලංකා අමරපුර මහ නිකායේ සභාපති හා වැඩබලන උත්තරීතර මහානායක ගන්තුනේ අස්සජි මහනාහිමි විසින් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබූහ.

අග්‍රාමාත්‍යතුමා විසින් එහිදී ගන්තුනේ අස්සජි මහනාහිමියන්ට සාහිත්‍යශූරී සමරු තිළිණය ප්‍රදානය කරන ලදී. ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ චූලගණ්ඨි පාර්ශ්වයීය සංඝ සභාව ද මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමරු තිළිණයක් ප්‍රදානය කළේ ය.